IMG-LOGO

දූෂණය පරදන්න ජවිපෙන් සමුළුවක්

ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද ‘දූෂණය පරදන ජවය‘ පළාත් පාලන අපේක්ෂක ජාතික මහා සුමුළුව කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී අද (17) පැවැත්විණි.
 
ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සමුළුවේදී  පක්ෂය නියෝජනය කරන පළාත් පාලන ඡන්ද අපේක්ෂකයෝ විශේෂ ප්‍රතිඥාවක් දුන්හ. දූෂණය, හොරකම නතර කර යහපත් පාලනයක් ඇති කරන බවට ඔවුහු ප්‍රතිඥාදුන්හ.
 
ඡායාරූප චතුර එස් කොඩිකාර



අදහස් (19)

දූෂණය පරදන්න ජවිපෙන් සමුළුවක්

ජයරත්න Sunday, 17 December 2017 01:07 PM

මේ පාර ජවිපෙට ඡන්දෙ දෙන්න හිතාගෙන හිටියේ. ඒත් පොහොට්ටුවේ කෑගැහිල්ල වැඩි නිසා ආණ්ඩුවටම දෙන්න වෙනවා. මහ ඡන්දෙදිත් ජවිපෙට වුණේ ඕකයි. යහපාලනයට පක්ෂ අය එක පැත්තකින් ඉල්ලනවා නම් හොඳයි. එතකොට ජවිපෙ වගේ අවංක මිනිසුන්ට වැඩක් කරන්න පුළුවන්.

:       300       302

ruchira Sunday, 17 December 2017 02:08 PM

වැසිකිළියේදී හම්බවෙච්ච මුදල් ගැන පාපොච්චාරණයක් කරලම වැඩේට බැස්සා නම් සමුළුව අර්ථාන්විත වෙන්න තිබුණා. ඔවා දෙනු පරහට, තමා සම්මතෙහි පිහිටා සිට!

:       565       610

RaveendraSunday, 17 December 2017 03:01 PM

රුචිර මයා වෙත, ඔබගේ අදහස් සමග අපද එකඟ වන්නෙමු. මේ රතු මල්ලිලා (71 ගැන අමතක කලා කියමුකෝ) නමුත් 88/89 කාබාසිනියා කල මහජන දේපොළ, අමුඅමුවේ මරාදැමු ලක්මවගේ දුදරුවන් ගැනත් නිවැරදි පාපොච්චාරණයක් කරලම වැඩේට බැස්සා නම් තමා වැදගත් වන්නේ. මොකද ඔබ, අපි මැරිලා ඉපදුනේ නැහැනේ.

:       308       921

priyanthaMonday, 18 December 2017 03:44 AM

මට මතක හැටියට නම් 88/89 ජවිපෙ, එජාප, ශ්‍රී ලංකා හැමෝම මිනිසුන් මැරුවා. ප්‍රශ්නය ඇතිවුනේ එජාප ආණ්ඩුව ජවිපෙ එක තහනම් කල නිසා. මහජන දේපල විනාශ කිරීමට අමතරව මංකොල්ල කෑමත් හිතවතුන්ට පවරා දීමත් එජාප, එජනිස කලා...

:       220       328

nishanath Sunday, 17 December 2017 02:25 PM

ඔයාලා වගේ මිනිස්සු හින්දා තමයි හැමදාම මෙහෙම වෙන්නෙ 1948 ඉඳලම අපි කළේ එක තමයි එහි ප්‍රතිඵල දැන් අපි භුක්ති විඳිනවා. තවත් මෙහෙම කරන්නද කල්පනාව

:       6       92

ruchiMonday, 18 December 2017 07:02 AM

මොනවද දෙයියනේ ඉතින් අපිට කරන්න කියන්නේ? ජේ වී පී එකට දෙන්නද කියන්නේ? එල් ටී ටී එකයි ජේ වී පී එකයි අතර කිසි වෙනසක් නැහැ.

:       182       538

jayawardena Sunday, 17 December 2017 02:29 PM

දූෂණය නතර කරන්න පොරොන්දු වෙන්න කලින් චන්ද ටිකක් වැඩි කර ගන්න වැඩ පිලිවෙලක් ගැන සිතුවා නම් තමයි හොඳ! මොනවා කරන්නත් ආණ්ඩුවක් පිහිටුවනන එපැයි! මහින්දව ගෙදර යවලා මෛත්‍රි, රනිල් ගේන්න උදව් කරලා දැන් ආණ්ඩුවේ වැරදි කියකියා කෑ ගහනවා. මිනිස්සු අමාරුවේ දාලා. කරන්න තිබුනේ මේ ආණ්ඩුවේ වැරදි හදාගෙන මේ රට ගොඩනගන්න ඔවුන්ට උදව් වෙන එක. දැන් ජේවීපී ආණ්ඩු හදන්න දගලනවා. ලංකාවේ ජේවීපී ආණ්ඩු හැදෙන්නේ නැහැ තව කල්පයකට! එහෙම නම් මේ රටේ ඡන්ද දායකයන් පිට රටකට යවා ඒ හා සමාන ජනතාවක් මේ රටට ගෙනත් ඡන්දෙ තියන්නයි වෙන්නේ. එ්ක මේ ජවිපෙ නායකයින්ට තේරෙන්නේ නැහැ. බල තණ්හාව නිසා. අනික මේක මහ මැතිවරණයකුත් නෙවෙයි.

:       42       540

Rane Sunday, 17 December 2017 02:39 PM

ජවිපෙට ගම දීලා බලමුද ?

:       1698       1503

sanath Sunday, 17 December 2017 07:23 PM

ජවිපෙට ගම දෙන්න එපා මොකද මේකේ 123 කමෙන්ට දාලා තියෙන උරන්ට කන්න මෙරට ජරා වාස වෙන්න ඕනේ රට සුද්ද උනොත් කන්න නැතිව උන් මැරෙයි

:       1360       124

Nissanka Sunday, 17 December 2017 11:25 PM

මම හිතන විදිහට හැම දෙනාම කරන්නේ තමන්ගේ කොටස ලොකුකරගන්න එක තමා

:       12       227

ලුම්බිණි Monday, 18 December 2017 12:13 AM

සමුළු තියල දූෂණය පරදන එක කරන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද? පළමුවෙන්ම ජවිපෙ අතීතයෙන් ගොඩ වෙන්න ඕන. ඊට පස්සේ වර්තමානයට හැඩ ගැහෙන්න ඕන. එතකොට අපට විශ්වාසයක් ඇති කරගන්න පුළුවන්.

:       3       157

නිර්මලාTuesday, 19 December 2017 04:00 AM

ජවිපේ අතීතයේ හැංගිලා ඉන්නේ ඔයාලා තමයි. සමුළුව තියලා ප්‍රතිඥා ගැනීමක් විතරයි. ඒත් ඒ ප්‍රතිඥාව අකුරටම කරන පිරිසකට තමා අපේක්ෂකත්වය දීල තියෙන්නේ.... මෙය මන්ත්‍රී වෙනකොට දෙන දිවුරුම් ප්‍රකාශයට වඩා වැදගත් දෙයක් නෙමේද.

:       0       2

amali Monday, 18 December 2017 03:26 AM

අරලිය ගහ මන්දිරයෙන් අයින් වෙලා එන්න කියන්න.

:       78       20

Ajith Nissanka Monday, 18 December 2017 05:04 AM

වර්තමානයේ හොරකම් කරන කට්ටියට හරි අතීතයේ හොරකම් කරපු කට්ටියට හරි කඩේ ගිහිල්ල ගමට වැඩක් නැහැ කියල තේරුම් ගන්න බැරිනම් හොඳට අනාගන්න! ඔවුන් සුපුරුදු පරිදි හොරකම් කරන කොට කට අැරගෙන බලාගෙන ඉන්න! ඔවුන් බලයට පත් කරන්නේ හොරකම් කරන්න මිසක් සිල් ගන්න නොවේනේ! කලබල වෙන්න එපා! ඒ අයට පුරුදු දේ අපුරුවට කරාවි!

:       0       18

Ruchi Monday, 18 December 2017 07:05 AM

බයිලා මල්ලිලා ටික ලස්සනට ඉන්නවා. මෙයාලට දන්නේ මොනවා හරි දෙයක් වුණාම, අපි කිවුවා ඕක! අපි කිවුව ඕක වෙනවා කියල! කියකිය බයිලා ගහන එක විතරයි. මුන්ට දුන්නොත් යහපලනේටත් වැඩ අන්ත වෙනවා.

:       63       581

quintus perera Monday, 18 December 2017 07:22 AM

ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය නොදෙන පිරිසක් ඉන්නවා. කවුද දන්නවද? ඒ තමයි ජේවීපී කාරයින්ගේ බිරින්ඳෑවරු...

:       40       276

asa Tuesday, 19 December 2017 05:08 AM

මේ අදහස් දැක්කම හිතෙනවා ලංකාවට අනාගතයක් නැති බවක්. ලංකාව හැදෙන්න නම් මිනිස්සු හිතන විදිහ වෙනස් වෙන්න ඕනි. jvp කිව්වොත් 88/89 හැමදාම..... එත් මේ අවරුදු 27 තුළ වෙච්ච දේවල් මිනිස්සු හිතන්නේ නැ. ප්‍රධාන පක්ෂ දෙකට ඡන්දෙ දුන්නොත් අපිට හැමදාම දුප්පත් රටක් වගේ ඉන්න පුළුවන්. ලංකාවේ ඡන්දෙ හරියට සුපෙර්ස්ටර් තරගයක් වගේ......

:       12       201

ruchiTuesday, 19 December 2017 07:40 AM

හිතන පතන විදිහ වෙනස් වෙන්න ඕන කරන්නේ ඡන්දෙ ඉල්ලන මිනිස්සුන්ගේ. එහෙම නැතිව ඡන්දෙ දෙන මිනිස්සුන්ගේ නෙවෙයි.

:       0       0

kavinda Tuesday, 19 December 2017 06:34 AM

මේ අදහස් දාන අය ගැන මට හරි දුකයි..... මොකද මෙයාලා දන්නවද මේහැම ආණ්ඩුවක්ම අහිංසක මිනිස්සු මරුවා කියලා අන්තිමට ම්නිස්සු මැරුවේ මහින්ද මහතාගේ ආණ්ඩුව කාලේ......... ඒ නිසා හැමෝම එක වල්ලේ පොල්.........

:       0       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 52 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 450 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 888 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site