(බදුල්ලේ පාලිත ආරියවංශ)
දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ සදාකාලික සතුරන් නැතැයි යන්න ප්‍රකට කතාවකි. දේශපාලනය කරන සියලු දෙනා අතරේ එක්වීම්, වෙන්වීම්, විරසකවීම්, නැවත ලංවීම් අමුතු දෙයක් නොවේ.
එක් එක් දේශපාලන මතිමතාන්තර අනුව බෙදී වෙන්වී සිටින්නේ ජනතාව පමණි. දේශපාලනයේ නිරත වන්නන් තමන්ගේ ප්‍රතිවාදියාට පහර ගසමින් ජනතාව ඉදරියේ විරසකවීම් මවා පෑවත් ඔව්හු එකට එක්ව කති, බොති, ප්‍රීති වෙති. දේශපාලනයේ කටුක යථාර්ථය එයයි.
බදුල්ලේ හෝටලයක පැවැති සාදයකදී ඒකාබද්ධ විපක්ෂයේ උදිත් ලොකුබණ්ඩාර, චාමික බුද්ධදාස , 16 දෙනාගේ කණ්ඩායමේ ඩිලාන් පෙරේරා සහ ඌව මහ ඇමති චාමර සම්පත් දසනායක යන මහත්වරු සිය දේශපාලන මතවාද අමතක කරදමා අවස්ථානුකූලව විනෝද වෙමින් සිටියේ මෙසේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපගේ මාතෘ භූමියේ ආරක්ෂාව, දියුණුව වෙනුවෙන් ඕනෑම පාටක, පක්ෂයක විරසක වුනු කෙනෙක් සමග " අවංකව " මිත්රවිමෙන් රටේ සුබසිද්ධියට එය හොඳ රුකුලක් වෙනු නියතය. නමුත් මේ අය තම තමන්ගේ බඩගෝස්තරය, පැවැත්ම, රට විනාශ කිරීමට වැනි අසීලාචාර වැඩ සඳහා මෙන්ම කෑමට බීමට පමණක් මිත්රවිම රටේ අභාග්‍යයක් නොවන්නේද? " කාලකන්නි පාට පක්ෂ ගැන නොසිතා " අවංකව සිතන මෙන් සියල්ලන්ටම මෙයින් ආරාධනා කරන්නෙමු. ඔබ, අප මෙම ඡායාරූප වල තිබෙන රූපකායන් හොඳින් නිරීක්ෂණය කළහොත් අප සියල්ලන්ටම මෙම අම්බරුවන්ගේ පැටිකිරිය පහසුවෙන්ම පැහැදිලි වන්නේය.
අපි මේ ගොල්ලන්ගේ කතාබහ රණ්ඩු ගැන අවදානය යොමුකළ යුතු නැත. දවස අවසානයේ රටට මොනවද කලේ කියන එකයි බලන්න ඕනේ...
...අපේ නායකත්වයට හොදටම සුදුසුකම් තියනේ මිනිස්සුටික පෞද්ගලික අංශයේ ඉදිද්දී කිසිමදෙයක් දන්නේ නැති හොරු ටිකකකට පාර්ලිමේන්තුවටයි රාජ්‍ය සේවයි බාරදීල රට නැති වෙනකම් අපි බලාගෙන ඉන්නවා
මේකනේ අපිට හැමදාමත් වෙන්නේ . "ඌමට ගහනවා මට ඌ ගහනවා ". බලද්දී ගුටිකාලා තියෙන්නේ මමනේ... මේ ඔක්කොටම ජනතාව ගහනකන් ගුටි කකා ඉම්මු.
අපේ රටට මේ නස්පැත්තිය වෙලා තිබෙන්නේ අපේ ඡන්ද දායකයෝ කිසිම උගත්කමක් නැති කෝච්චියේ වඩේ විකුණපු වඩේ කාරයින්ට, කෝච්චියේ මාල කඩපු රත්තරන්ලාට, රස්තියාදු කාරයින්ට, චන්ඩි මල්ලිලාට, මනාපේ ගහලා ප්‍රාදේශීය සභාවට පළාත් සභාවට පාර්ලිමේන්තුවට යවපු නිසාය.
අනේ අපි වගේ අය, ඡන්දෙ දෙන්න යනකොටත් එහෙමයි. කාලෙ ගෙවෙනකොට අමු සුද්ද වන්තයෝ, කියන්නේ අපි නම් ඡන්දය දුන්නේ නැහැ කියලා, අපිනේ පිටරටවල ඉඳන් දුන්නේ, අනේ දුප්පත් හිඟන යාචකයෝ මේවට ආත්ම ගණන් පව් ගෙවන්න වෙනවා.
රටේ සාපය එක පොදියට එක තැනකට එකතුවෙලා.
එනකොට නම් බෙල්ල තිබුණ. දැන් නැහැනේ.
ඌව මහා ඇමති ම කියලා තිබ්බ එය වඩේ විකුණුව කෝච්චියේ. මෙහෙම අයද රට හදන්නේ?
ඉස්කෝල නෝනාව දන ගස්සපු ඉස්කෝලේ ගිය නැති කෙනත් ඉන්නවා නේද
කොහොමද කේවට්ට රෑලගේ මුඋනු ටික. හොර තක්කඩි.
අදහස් ඔක්කොගේම වගේ කරලා තියෙන්නේ මේ අයට බනින එක. ප්රවෘත්ති බලන්න වැඩි වුන ගමන් මේ අයට බනිනවා. පාරට බහින්න බෑ... හම්බෙන කෙනා බනිනවා. දැන් මේ අය බලෙන් පාර්ලිමේන්තු ගියාද? නෑ නේ? ඔයාලමනේ එතනට යවල තියෙන්නේ. ඒ නිසා තම තමන්ටම බැනගත්තා නම් තමයි වැඩිය සාධාරණ. ලංකාවේ තියෙන්නම පාට දෙකයි වගේ... කොළපාට එපා වුනාම නිල්පාටට දෙනවා. නිල් පාට එපා වුනාම කොළ පාටට දෙනවා. තව පාට බර ගානක් තියෙනවානේ. මාරු කර කර ඒවටත් ජන්දේ දීලා බලමු මොකද වෙන්නේ කියලා. මගෙන් ණය අරන් නොදී ඉන්න කෙනා අයේ සල්ලි ඉල්ලන් අාවට මම නම් දෙන්නේ නෑ. ගහල පන්නනව මිසක්. හැබැයි ඔයාල එහෙම නෑ නේ? අායේ අායේ සල්ලි දෙනවා. දිදී බනිනවා.