(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
කොළඹ දේවි බාලිකා විද්‍යාලයීය වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලයීය අචාර්ය විමලා ද සිල්වා ශ්‍රවණාගාරයේ දී අද(26) පැවැත්විණ.
2016 වසරේ අධ්‍යාපන මෙන්ම විවිධ ක්ෂේත්‍ර යටතේ විශිෂ්ඨ දක්ෂතා දැක්වූ සිසුවියෝ මෙහිදී අග්‍රාමාත්‍යවරයා අතින් සම්මාන ලැබුහ.ඒ අනුව 2016 වසරේ විශිෂ්ටතම ශිෂ්‍යාව සඳහා පිරිනැමෙන ‘දේවි ස්වර්ණ පද්ම සම්මානය’ සහ අචාර්ය විමලා ද සිල්වා අනුස්මරණ තිළිණය අනගි ශාක්‍යා කොට්ටහච්චි සිසුවිය විසින් දිනා ගන්නා ලදී.
2016 වසරේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනේ විශිෂ්ටතම ප්‍රථිපල ලබගනිමින් දේවි බාලිකා විද්‍යාලීය අභියෝගිතා කුසලානය ලබා ගත් රනුමි නානායක්කාර , අ.පො.ස උසස් පෙළ විභාගයෙන් දිවයිනේ විශිෂ්ටතම ප්‍රථිපල ලබාගත් මයුමි තත්සරණි , නුවන්තා ගයත්මි වික්‍රමසිංහ ,දුලන්ගි අනුත්තරා ගමගේ යන ශිෂ්‍යාවෝ ද අගමැති වරයා අතින් සම්මාන ලැබුහ.






COMMENTS
රට වටේ ගියයි කියල ලෝකේ වටේ ගියයි කියල ප්‍රශ්න විසඳෙන්නේ නැහැ කියල මුලින්ම ඔප්පු කලේ ඒ සී එම් හමීඩ් හිටපු අධ්‍යාපන ඇමති. එයත් මේ ගොල්ලන්ගෙම පක්ෂයේම තමයි. පරම්පරාවක් ගෙවිලා ගියත් මඩේ එරුන කරත්තේ රෝදය එතනම කරකැවෙනවා. ගොඩ ඒමක් පේන තෙක් මානයේ වත් නැහැ.
අපි ට ඔබ ගැන ආඩම්බර විය හැක.
කොළඹ පහසුකම් තියෙන ලොකු ඉස්කොලවලට ගිහින් දෙන දේශනාව වැඩක් නැහැ. ගමේ අඩුපාඩු තියෙන දුෂ්කර පළාත් වල තියෙන ඉස්කෝල දියුණු කරලා ගත්තොත් තමයි හොඳ.
හොරු පාසල්වලට ගෙන්වා ගැනීම දැන්වත් නතර කරමු.
අනේ දෙවියනි වෙන කවුරුත් හිටියේම නැද්ද ?
මොනවාද මේ සමහරු දාල තියෙන මනස්ගාත? මේගොල්ල මව්වරු පියවරු නොවේද? ඇයි මේ අනාගතය භාර ගන්න ඉන්න විජයග්‍රාහී දරුවොත් එක්ක සමපාත වෙලා ඒ දරුවන්ට ආශීර්වාද කරන්න බැරි?