මහින්ද රාජපක්ෂ මහතාගේ රජයේ ආරක්ෂක ලේකම්වරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා 2020 මීළඟ ජනාධිපති අපේක්ෂකයා විය හැකි බව දේශපාලනයේ මේ දිනවල යන කතාබහකි.
දේශපාලනයේ සදාකාලික හතුරන් හෝ මිතුරන් නොමැති බව මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේකෂකයා වීමට ටික කාලයකට පෙර කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී කීවේය. පසුගිය පළාත් පාලන ඡන්දයේ දී රත්නපුර පැවැති ජන හමුවකදී ද ජනපති කීවේ දේශපාලනයේ සදාකාලික හතුරන් නැති බවයි.
මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයාව සිටිය දී වත්මන් ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා ඔහු දැඩි ලෙස විවේචනය කළේය. නමුත් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කියමන සැබෑ කරමින් ජනාධිපතිවරයෙන් පසු දයාසිරි ජයසේකර මහතා ශ්‍රීලනිප අලුත් නායකයා වූ සිරිසේන මහතා සමඟ හිටගත්තේය.
මහින්ද පිල මේ වන විට සිරිසේන පිල සමඟ සිටින්නේ දෙපසකට වීය. 2020 ජනාධිපතිවරණයේ ඒකාබද්ධයේ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා යැයි යන කතාවට ශ්‍රීලනිප මන්ත්‍රීවරු එකඟ නොවෙති. ජනපතිගේ එදා ප්‍රකාශ කළ පරිදිම දේශපාලනයේ සදාකාලික සතුරනුත් මිතුරනුත් නැත. දෙපසක සිටගෙන සිටින ගෝඨාභය රාජපක්ෂ මහතා සහ දයාසිරි ජයසේකර මහතා අද එකට හමුවූහ. ඒ බන්දුල ගුණවර්ධන මහතාට දර්ශනශූරී උපාධිය පිරිනමන උත්සවයේදීය.
එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා සහ දයාසිරි ජයසේකර මහතා මෙන්ම දෙපසකට වී ප්‍රතිවිරුද්ධ ආර්ථික තර්ක නගරමින් සිටින බන්දුල ගුණවර්ධන මහතා සහ ආචාර්ය හර්ෂද සිල්වා ද සුහදව කතාකරමින් සිටිනා අයුරු ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මෙසේය.
ඡායාරූප ඉෂාන් සංජීව





COMMENTS
දයාසිරිත්, දර්ශන සුරිත් දෙන්නම හොඳට පැනලා පුරුදුකම් තියෙන අයනේ ඉතින්... ලංකාවේ දේශපාලනය වැටී ඇති දුර්දාන්ත තත්වය ගැන මෙනෙහි කරනවිට ජයවර්ධන මහත්තයා කිව්ව " ගැහැනියෙක් මිනිහෙක් කරන්න බැරි " කතාවත් බොරුවක් වෙන්නට බැරි නැහැ.
දේශපාලනයේ සදාකාලික හතුරන් හෝ මිතුරන් නොමැති බව පවසන දෙය ඔවුන්ගේම වාසියට හදාගත් දෙයකි. මේ කතාව දමාගෙන වාසි පැත්තට පනින්නට ඉන්න කපටියන්ගේ ප්‍රකාශයකි. මේවාට අහුවෙන අය තවම සිටීම අපේම අවාසනාවකි.
බෙදිලා නිතර සටනේ යෙදුනත් මේ අපි.. පෙන්වන්නේ බොරු සටනකි මේ අපි... රැවටුව නිසා දායකයා මේ අපි... මැරෙන තුරා සැප විදිනවා මේ අපි...
ලක්මවගේ නිදහස් අධ්‍යාපනයෙන් උපරිම ඵල නෙලාගත් මහජන නියෝජිතයෙක් වන බන්දුල ගුණවර්ධන මයාට අපගේ උණුසුම් සුබ පැතුම්...
අප්පුහාමි හරියට හරි. මේ අය ඔක්කොම එක කල්ලියේ. ඒ අය හැමදාම දිනුම්, ඡන්දෙ දෙන ජනතාව හැමදාම පරාදයි !!!
ගෝඨා 2020? සුළු ජාතීන්ට අබ සරණයි... මේ අතට අත දෙන්නේ ඒ අයගේ වටපිටාව දරු පවුල, බැංකු තරකරගැනීම සඳහා පමණි. රටේ බහුතරය අද වගේම ඉදිරියටත් ඒ අයගේ වහල් සේවය සැදී පැහැදී සිටියි..
හර්ෂ මැතිතුමා සමග එකට ඉඳලා, බන්දුල ගුණවර්ධන සෙල්පියක් ගහන්න ඕනෑ. එ්ක අපේ රටේ ඒකේ අනිත් පැත්තයි වෙලා තියෙන්නේ.. මොනවා වුනත් අපි වැඩිහිටියන්ට ගරු කරන ජාතියක්නේ... ලෝකෙන් උතුම් රට කියන්නේ නිකන්ද?
මේ ඔක්කොම එක වල්ලේ පොල්. අපිට තමයි කෙලින්නේ.
අනේ අප්පේ ලංකාවේ දේශපාලනයට ගිය කලදසාව.. ඇතැම් අය නම් අාත්මාර්ථයටම කටයුතු කරන බව මුළු රටම දන්නවා. පරිස්සම්වෙන්න මැතිඳුනි...
දේශපාලකයෝ සියල්ල ජනතාව ගොනාට අන්දන ගේම් කාරයෝය. ජනතාවටත් මේ ගොල්ලන්ගේ ඇඟේ එල්ලෙනවට වැඩිය දෙයක් නැත. මේ බොරුව දැන් හොඳටම ඇතිය.
රටක් නැති ජාතියක් බවට පත්වෙලා ඉවරයි. අවශ්‍ය තනතුරු විතරයි.
අපේ වයර් මාරු වෙලාද, මේ ගොල්ලන්ගේ වයර් මාරු වෙලාද මන්දා. ඔබලාට හොඳයි නම්, අපිටත් හොඳයි .. කට්ටිය දැන් ආවඩන්නේ, යහ පාලනයකටද? මිලිටරි පාලනයකටද? අපිටත් ප්‍රජාතන්ත්‍රවාදය දැන් තිත්ත වෙලා., ඇඟට පතට වදින, රිදෙන, ගුටිකන පාලනයක් වැඩිය හොඳයි.
අද එක්සත් ජාතික පක්ෂය කියද්දිත් ෆීල්ඩ් මාෂල්ට නීතිය හා සාමය දෙන්නේ නෑ. ඇයි එයා හොරුත් එක්ක ඉන්නවා. මිනීමරුවොත් එක්ක ඉන්නවා. ඒ නිසා අපි කෙලින්ම චෝදනා කරනවා හොරෙක්, මිනීමරුවෙක් කියලා.. එතකොට මේ අයව ආරක්ෂා කරන ජනාධිපතිවරයෙක් අද ඉන්නේ. ඒ නිසා අපි රටට කියනවා ලෝකෙට කියනවා ... සත පහකට විශ්වාස කරන්න එපා මේ ජනාධිපතිවරයාව.... කියලා. මෙයා සම්පූර්ණ ඩීල් එක්ක තමයි ජීවිතය ගත කරන්නේ... මෙයාගේ සුදු ඇඳුම අද සත පහකට වැඩක් ඇති දෙයක් නොවෙයි. සම්පූර්ණ වංචාකාරී ජනාධිපතිවරයෙක් ඉන්නේ කියන එක බය නැතිව කියන්න ඕනේ. අපි බැලුවා පරීක්ෂණ කීපයක් තියලා. ඒ හැම පරීක්ෂණයකින්ම අන්තිමට ඔප්පු වෙලා තියෙන්නේ මෙයා හොරු ආරක්ෂා කරන ක්‍රියාවලියේ දිගටම ඉඳලා තියෙනවා කියලා...
ජනධිපතිවරයාගේ සහෝදරයත් ශ්‍රී ලංකා ටෙලෙකොම් එකේ හොරු ආරක්ෂා කරනවා කියලා පෝස්ටර් ගහල තිබුණා අපි දැක්කා. මේ ඔක්කොම එකම කට්ටිය ඡන්දය දෙන අපි තමා රැවටුනේ.
මෙයාලා ඔක්කොම හොඳයි.. අපි තමා නරක, නමුත් ගෝඨාට අපි කැමතියි.
ප්‍රශ්නය තියෙන්නේ දේශපාලන පක්ෂ බදාගෙන කට මැත දොඩවන මධ්‍යම පාන්තික සහ ධනපති පන්තිය වෙත පමණි... කැපුවත් කොළ සංස්කෘතියයි..
කොහොමත් ඉතින් මෙයාලා වේදිකාවේ ගහගත්තට තිරය පිටිපස්සේ හොඳ යාළුවෝ තමයි. ඡන්දය දෙන මිනිස්සු තමයි ඇත්තටම ගහ බැණගන්නේ...