සීමාසහිත විජය පුවත්පත් සමාගමේ බැතිබර දායකත්වයෙන් මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් ඓතිහාසික තන්තිරිමලේ රජමහ විහාරස්ථානය දෙවැනි දිනයටත් ආලෝකවත් විය.
දෙවැනි දිනය වූ අද (16) විදුලි ආලෝක පූජාව විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.
මෙම අවස්ථාවට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා, සීමාසහිත විජය පුවත්පත් සමාගමේ නියෝජ්‍ය සභාපති සුජාන් විජයවර්ධන මහතා, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විජය පුවත්පත් සමාගමේ කාර්ය මණ්ඩලයේ ප්‍රධානීන් ඇතුළු බොහෝ දෙනෙක් සහභාගි වූහ.
ඡායාරූප - ඉෂාන් සංජීව






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුදල් වියදම් කරලා හොඳ වැඩක් කරලා මේ වගේ අය ගෙන්නලා විවෘත කරන්න තරම් තියෙන උවමනාව මොකක්ද ??