(ප්‍රියන්ත ජයලත් සහ කේ බුද්ධික කුමාරසිරි
උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශය මගින් සංවිධානය කරනු ලබූ ‘තාක්ෂණ හා නවෝත්පාදන ජාතික ප්‍රදර්ශනය‘ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) දින හෝමාගම පිටිපන අධිතාක්ෂණ හා නවෝත්පාදන නගර පරිශ්‍රයේදී ආරම්භ විය
මෙම ප්‍රදර්ශනය මාර්තු මස 11 වන දින සිට 14 වන දින දක්වා දින හතරක් පෙරවරු 9 සිට රාත්‍රී 10 දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත
දිවයිනේ පාසල් 101 ක සිසුන්ගේ නව නිපැයුම් සහිත ප්‍රදර්ශන කුටි විශ්ව විද්‍යාල සිසුන්ගේ නව නිපැයුම් ආරක්ෂක අංශවල සහ පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින්ගේ විවිධ නවෝත්පාදන ඇතුලත් 500 කට ආසන්න ප්‍රදර්ශන කුටි ප්‍රමාණයක් නැරඹීමට පහසුකම් සලසා ඇතැයි සංවිධායක කමිටුව පවසයි
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී නැනෝ තාක්ෂණ ආයතන පරිශ්‍රයේ ප්‍රදර්ශනය කර තිබූ නව නිපැයුම් ඇතුලත් ප්‍රදර්ශන කුටි කිහිපයක් නිරීක්ෂණයට ලක් කළ අතර එම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ සිට පාසල් සිසුන් සමග සුහඳ කතා බහක නිරත වීමෙන් පසු මෙසේ පැවසීය .
තරුණ පරපුරට නව නිපැයුම් පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම සදහා මේ ප්‍රදර්ශනය වැදගත් කාර්යයක් ලෙස මා දකිනවා. එම නිසා හොදම නව නිපැයුම්කරුවන් නගා සිටුවීමට අත දීමට නව නිපැයුම් කොමිසමට මෙය මහගු අවස්ථාවක් වනු නොඅනුමානයි.
මෙම අවස්තාවට උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන හිටපු රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් ජයසිංහ උප සභාපති බන්දුල රංජන් ඉලේපෙරුම යන මහත්වරු ප්‍රමුඛ ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයින් සහ විවිධ අමාත්‍යාංශවල රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගීව සිටියහ.




COMMENTS
දරුවන්ගේ නව නිර්මාණ පිලිබදව විස්තරාත්මක සටහනක් පලකිරීමට හැකි නම් එය වැදගත් වනු ඇත.
පින්තූරේ දැක්කමත් ජාතික ප්‍රදර්ශනය බැලුව වගේමයි. කොච්චර දෙයක්ද බන්දුල ගුණවර්ධන සහ තිලංග සුමතිපාල ඉන්න එක...
ඉතාම අගය කළ යුතු දෙයකි. එත් කලින් බලයේ තියෙද්දී කලා වගේ 'දැයට කිරුළ' වගේ හිතවත් කොන්ත්‍රාත්කරුවන් පොහොසත් නොකරන්න. රටේ සල්ලි නිකරුනේ කාබාසිනියා නොකරන දෙයක් නම් වඩාත් හොඳයි.
අපේ රටේ කොරෝනා වයිරසය වැළඳුණු පළමුවැනියා සොයාගත් අවස්ථාවක සෙනඟ එක්රැස්වෙන අවස්ථා වළක්වා ගැනීම වඩාත් නුවණට හුරු බවයි කිවයුත්තේ. නිවාරණය ප්‍රතිකාර කරනවාට වඩා නුවණක්කාර බව නේද කියන්නේ?