



පේරාදෙණිය උද්භිද උද්‍යානය තුළ ටැබේබුයා නැමැති ගස්වල මේ දිනවල අලංකාර ලෙස මල් පිපී තිබෙනු දක්නට ලැබේ.
උද්භිද උද්‍යානයේ ප්‍රධාන පිවිසුම් දොරටුව සමීපයේ පිහිටි ටැබේබුයා ගස් කීපයක ගස සම්පුර්ණයෙන්ම වැසී යන පරිද්දෙන් කහ පාට මල් ඉතාමත් අලංකාර ලෙස පිපී තිබේ.
විදේශීය ශාඛයක් වන ටැබේබුයා ගස්වල මෙම කාලයේදී කොළ වැටීගොස් සම්පුර්ණයෙන්ම මල්වලින් පිරී යන බවත්, මෙසේ මල් පිපී අලංකාර වී ඇති ගස් පේරාදෙණිය උද්භිද උද්‍යානය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ මෙන්ම මාර්ගයේ ගමන් ගන්නා පිරිස්වල විශේෂ අවධානය දිනා ගැනීමට සමත්ව ඇතැයි උද්‍යාන නිලධාරීන් පවසයි.
(ශාන්ත චන්ද්‍රසිරි)
COMMENTS
මල් පිපුනම තියන සුන්දරත්වය මොනවට පැහැදිලි කරන්නද? ආසාවේ බැහැ. සිත සුවපත් කරනවා. ස්වභාව ධර්මය කෙතරම් පියකරුද?
මගේ මවුබිමේ අසිරිය සුන්දරත්වය දින දින වැඩිවේවා!
ශාකය පුරාවට ඇසට ප්‍රිය මනාප දැකුම්කළු මල් දරන, ඉන්දීය කොදෙව් දුපත් සහ දකුණු සහ මධ්‍යම ඇමෙරිකාවට ආවේනික වූ ඉඩෝරයට ඔරොත්තු දෙන මෙම ශාඛයේ රෝසපාටින් යුතු මල් සහිත ප්‍රබේධයක්ද ලංකාවේ විවිධ ස්ථානවල රෝපණය කර තිබෙනු දක්නට ලැබෙනවා. "ටැබේබුයා ඉම්පර්ටිජිනෝසා" යන උද්භිද නාමයෙන් හැඳින්වෙන එම වෘක්ෂ කිහිපයක් මහනුවර ශ්‍රී දළඳා මාලිගා පරිශ්‍රයේ සශ්‍රීකව වැඩී ඇති බවයි මගේ කල්පනාව. මෙම ශාඛා පවුලේ විවිධ වර්ග 100 යක් පමණ ඇති බවත් ඒවා අඩි 25 සිට අඩි 160 දක්වා උසට වැඩෙන බවත් මා අසා තියෙනවා. අතු පතර විහිදී යන මෙම ශාඛ බොහෝ මාර්ග දෙපස සෙවන ලබාදීම සඳහා රෝපණය කර තිබෙන බවත් දැකිය හැකියි.