ජයමාල් ජන්ද්‍රසිරි
සිර දඬුවම් නියම වූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ප්‍රාර්ථනා කරන සත්‍යග්‍රහයක් අද (18) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැතිවිණි.
ඊට සහභාගී වූ හිමිවරුන් කොටුව දුම්රියපොළ ඉදිරිපිට සිට පා ගමනකින් පිටකොටුව බෝධිය අසලට ගියහ.
බොදුබල සේනා සංවිධානය එම සත්‍යග්‍රහය සහ පාගමන සංවිධානය කර තිබිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු වුනත් වරදට දඬුවම් දිය යුතුමයි.
නිදහස අවශ්‍ය නම් ඇපෑලක් ගොනුකළ යුතුයි. ඕනනම් අගතියට පත් පාර්ශවයෙන් සහනයක් ඉල්ලන්න පුළුවනි. නමුත් මේවා අපි දකින්නේ නීතියට අභියෝග කිරීමක් ලෙසිනි .
එලොවටත්, වැඩක් නැති, මෙලොවටත් පලක් නැති පිංගුත්තර රැලක් මේ උතුම් මාතෘ භුමිය මත පහරමින් සිටින වගයි? එදා සර් ජෝන් කොතලාවල මහත්මය නම් කිව්වා මේ රැලට සලකන්න ඕනා විදිහ?
ශ්‍රී ලංකාවේ උසාවියක් මඟින් භික්ෂුන් වහන්සේ නමක් වරද කරුවෙකු කල පළමුවෙනි අවස්තාව මෙය නොවේ. නමුත් ඒ කිසිම අවස්තාවක ඇති නොවුන අන්දමට මේ අවස්ථාවේදී මෙම සිදුවීමට මෙතරම් ප්‍රසිද්ධියක් ලැබීමත් විරෝධතා එල්ලවීමත් පිටිපසින් ඇත්තේ නිතිය ක්‍රියාත්මක කිරීම ගැන විරෝධතාවයකට වඩා කිසියම් කණ්ඩායමක් විසින් පවතින ආණ්ඩුව කෙරෙහි මහජනතාව අතර අප්‍රසාදයක් ගොඩනැංවීම උදෙසා ක්‍රියාත්මක කර ඇති වැඩ පිළිවෙලෙහි තවත් අවස්තාවක් බවයි කිව යුත්තේ.
බොහොම ලෙහෙසි වැඩක්... මෙච්චර කරදර වෙන්න ඕනෑ නැහැ. උසාවි ටික වහමු. වැඩේ හරි එතකොට...
ආණ්ඩුව අමුතුවෙන් අප්‍රසාදයට පත්කරන්න දෙයක් නැහැ. කඩේ ගියා කියලා ගන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. කඩේ තිබුණු හිස් රාක්ක වලටත් සුද්දෙ දීලා ඉවරයි.
නියම බුද්ධ පුත්‍රයෝ විනය පිටකයට අනුව ජීවත් වෙනවා.
රටේ නීතියට එකඟ නොවන අය කොහොමද බුදුදහම පිළිපදින්නේ?
උසාවි ඇරලා තිබුන කියලා රටට වන සෙතක් නැත.
උන් වහන්සේ කථා කරන්නේ රට වෙනුවෙන් මිසක් ඩොලර් බලා ගෙන නොවෙයි. හිරේ යන්න වුනෙත් එ් නිසයි. ඒ නිසා උන් වහන්සේ පිංගුත්තරයන් ලෙස ඩොලර් කාක්කන්ට පේන්න පුළුවන්. ඒත් අපිට උන් වහන්සේ තවත් හික්කඩුවේ සුමංගල හිමි නමක්.
හරි විහිලු වැඩ තමයි අද රටේ තියෙන්නේ
අපේ ස්වාමින්වහන්සේලා ටිකෙන් ටික තමන් වෙනුවෙන් මේරටේ මිනිසුන්ගෙන් ලැබුණ ගරුත්වය නැති කර ගන්නා ආකාරය කනගාටුදායකයි.
මේ ගැන හුඟ දෙනෙක් කලබල වෙලා වගෙයි.
මේ අය 59 හිටියනම් සෝමාරාමත් නිදහස් කරන්න කියනවා.
අනේ අම්මේ මෙහෙමත් රටක් ...
උසාවි පොලිස්සි වහල මෙයාලට රට බාර දෙන්න මේවා වැරදි ආදර්ශ
අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ . ලංකා මාතාව සෝ සයුරේ ගිලි අවසානයි .
මොකද නිලුකා අසරණ වෙලා වගේ ඔයාගේ හිතට දැනෙන්නේ
වැරදිකළ මැරවරයන් බුදු රජාණන් වහන්සේගේ කාලයේදී පවා සිටියද , බුදු රජාණන් වහන්සේ ඒ සියලු දෙනාට චීවරය උදෙසා නිදහස දෙන්නයි රජුන්ගෙන් යද නොසිටියේය. උන් වහන්සේ තමන්ගේ වංශය බුද්ධ වංසය ලෙසද, සුද්ධෝධන රජුන්ගේ වංශය ලෙසද නිවැරදිව වෙන්කරගත් සේක. අද පවතින්නේ එයට හාත්පසින්ම වෙනස් ශාසනයකි.
විනය පිටකය නොදන්නා අයවලුන් මේ ගැන කතාකිරීමම ප්‍රහේලිකාවක්. බොහෝ අය " විනයතකා " නිහඬව සිටීමම හොඳ දෙයක්. මේ අතර පණ්ඩිත පැවිද්දෝ " විනය නොතකා "ඉන්නවද කියල බැලිය යුතු කාලයක්. අනේ කාලේ වනේ වාසේ කිව්වලු.
සුදේශ් ඔයත් අනේ මන්දා
චානක අදහස් දක්වන්නේ ලොස් ඇන්ජලිස් ඉඳලද එහෙම නැත්නම් ඉතියෝපියාවේ ඉඳලද
මඩ සෝදා ගත්කල, රජකමට පවා සුදුසු, ගොවියාගේ ඇඳුම වන අමුඩය උන්වහන්සේට ඇන්දුවා නම්,ජම්පරයට වඩා ඒක, සුදුසුයි නේද?
මේ ඔක්කොම මේ ගමන් කරන්නේ "ආර්ය අෂ්ඨාන්ගික මාර්ගයේ" වෙන්න ඈති නේද?
ඔය රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු
ඔය කරන්නේ ධර්මය විකෘතී කරන එක, බුදුපියාණන් වහන්සේට අගෞරව කරන එක විතරයි. ඔය කවුරුත් අපායට පාර කපා ගෙන ඉවරයි.
මිනිසුන්ගේ දානය පිළිගන්නා භික්ෂුවක් වේ නම් උන්වන්සේ සසරගමන නවතා ගැනීමට පිරිසිදු ධර්මය දේශනා කලයුතුමය.......
මේ අයට අඩු "අන් තට්ටුවක්" විතරයි.
රට වැනසෙයි අපි මියයයි = හොරු රජවෙයි.
කහවත ඉවත හෙළා ඕනෙ දෙයක්...
අධිකරණය තුල මරණීය තර්ජනය කිරීම සාධාරණ බවද මේ කියන්නේ?