(අජන්ත කුමාර අගලකඩ ඕස්ට්‍රේලියාවේ සිට)
ඔස්ට්‍රේලියාවේ තෙදින රාජ්‍ය සංචාරය අරඹමින් කැන්බරා නුවරට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරවරුවේ කැන්බරා නුවර පිහිටි විද්‍යා හා නවෝත්පාදන රුක් රෝපණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
උද්‍යානය වෙත පැමිණි ජනපති පිළිගනු ලැබුවේ එම ප්‍රාන්තයේ නීතිපති ගෝර්ඩ්න් රම්සේ සහ උද්‍යානයේ අධ්‍යක්ෂ ස්කොට් සැඩ්ලර් යන මහත්වරුන් විසිනි.
සිය සංචාරය සනිටුහන් කරමින් උද්‍යානයේ මහෝගනී පැළයක් ද රෝපණය කළ ජනපති විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය. මේ අතර ජනපති සිරිසේන මහතා අද කැන්බරා නුවර මවුන්ට් මජුරා හි සූර්ය තාප බලාගාරයක් නැරඹීමට ද එක්විය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳ වැඩක්.. මෙහෙ ගස් ටික කපල ඉවර වුන ගමන් ඔහේ හදපුවවත් කපන්න බැරිය .. ඡන්දෙනුත් පැරදිලා පර්ලිමෙන්තුවෙවත් නැති කෙනෙකුත් රට ගිහින් ඉන්නේ අපූරුවට..
ජෝන් මහත්තයත් අරගෙන ගියාද? එහාටත් ඇවිදින මන් තීරුවක්වත් හදවාගන්නද?
එහෙ නම් ගහක් සිටවීම කවුරු කළත් ඵලදායී වැඩක්. ලොකු වුණහම කපා ගන්නා මිනිස්සු ඒ රටවල නැහැ.
මේ විදිහට යනකොට කියන්නේ රට සවාරිද? නැතිනම් වෙන මොනවත්ද?
සුද්දොන්ට වැඩිය ඉන්නේ අපේ අයනේ !!! රට සවාරිවලට බුරුතුපිටින් ගිහින් තියෙන්නේ!
අයියෝ කහ ගැහිච්ච මහෝගනී පැලයක්ද හිටෙව්වෙ. පොල් පැලයක් හිටෙව්වනම් ඔයිට වඩා හොඳයි.