(ඡායාරූප - ගයාන් අමරසේකර)
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දියණිය වන චතුරිකා සිරිසේන මහත්මිය විසින් රචිත "ජනාධිපති තාත්තා" ග්‍රන්ථය අද (15) දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී එළිදැක්විණි.
එම ග්‍රන්ථය අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වූ අතර එම උත්සවයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද එක්ව සිටියේය.







COMMENTS
ඕක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ පොත් ගහලා. මුළු රටම දන්නවානේ..
උණුසුම් සුබ පැතුම්. දුවකුට පියාණන්ට කෘතගුණ දැක්වීමට හෑකි හොඳම ආකාරයක්. ඔබ සියළු දෙනාටම ඔබ පියාණන් පිළිබඳව සැබවින්ම ආඩම්බර විය හැකිය. ඒ ඔහු ඉතාමත්ම සරල සහ නිරහංකාර මිනිසකු නිසායි.
උණුසුම් සුබ පැතුම්. දුවකුට පියාණන්ට කෘතගුණ දැක්වීමට හැකි හොඳම ආකාරයක්. ඔබ සියළු දෙනාටම ඔබ පියාණන් පිළිබඳව සැබැවින්ම ආඩම්බර විය හැකිය. ඒ ඔහු ඉතාමත්ම සරල සහ නිරහංකාර මිනිසකු නිසායි.
වාසනාවන්ත පියෙක් සහ දුවක් .... ගරු ජනපතිතුමනි මේ රට ගොඩ ගන්න ඔබට ශක්තිය ලැබේවා. තවත් වරක් ඔබ මේ රට පාලනය කල යුතුයි. ජය ශ්‍රී
අපේ රටේ ජනපතිවරුන්ගේ ළමයින්ට පුදුම දක්ෂතානේ තියෙන්නේ
දුවේ අර මියන්මාරෙන් අපේ රටට ඇතුළු වෙන අන්තවාදීන් ගැන පොතක් ලියන්න. නූපන් පරපුරක් බේරේයි. දූගේ තාත්තා ගැන අපි දන්නවනේ...!!!
අනේ මගේ තාත්තා අම්මවත් මේ වගේ රාජ්‍යය ගෞරව ඇතිව පිළිගන්න අවස්තාවක් ලැබෙනවානම්!!
එදා කිව්වදේ අද වෙනදේ රෙජීමය එලි දකී. රාජ රෙජීමයට කුමක් වේද? දොරට වඩින්නේ කවද්ද අනේ....
දුවෙක් තමන්ගේ තාත්ත ගැන පොතක් ලිවීමේ වරදක් නැත.. නමුත් ඒ තාත්ත රටේ ජනාධිපති විදිහට කරන දේ ගැන තමයි අපිට දුක.. කොළඹ 7 කල්ලියක් රටේම ආර්ථිකය විනාශ කරද්දී, විල්පත්තුව කපද්දී, වෙන රටවලින් සරණාගතයින් ගෙන්න ගනිද්දී, මගේ රට ලෝකෙටම කුඩු බෙදන මධ්‍යස්ථානය වෙද්දී ඇස් කන් වහගෙන ඉන්න තාත්ත ගැන රටේ මිනිස්සු කියන දේවල් වලින් පොත් මාලාවක් ලියන්න පුළුවන් වෙයි.
මම හිතුවා නාට්‍ය පිටපත අච්චු ගහලා කියලා. " ජනාධිපති තාත්තා" කියලා 2001 දී රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලද ආචාර්ය ඉන්දික ෆර්ඩිනැන්ඩු විසින් නිෂ්පාදනය කල නාට්‍යයක් තිබුනා නේද? නමට " පේටන්ට්" නැද්ද?
ඔබතුමියගේ පියතුමා, අද දින කල කතාව හොඳින් අහන්න. පොත් ලිවීම හොඳය. ඊටත් පළමුව, හොඳින් පොතපත කියවා තේරුම් ගන්න. නිවැරදිව හා ගැලපීම අනුව භාෂාව හසුරුවන්න. ඔබතුමියගේ උත්සාහයට මගේ සුභ පැතුම්.... ස්තුතියි.
කැමති අයෙකුට ඕකෙන් පිටපතක් ගන්න ක්‍රමයකුත් පලකලානම්?
සුනිල් මාධව ප්‍රේමතිලකට මේ උත්සවයට ආරාධනා කරලා නැතිද?
පින්වන්ත පවුලක උපන් පින්වත් ලක් දැරියක්. ප්‍රවෘත්ති වලට ඇයගේ කතාවෙන් සුළු කොටසක් පෙන්නුවා. බොහොම පැහැදිලි නිරවුල් මනසකින් මාතෘකාවෙන් පිට නොගිහින් බොහොම චතුරව කතාකළ හැකි දියණියක්. සිය පියාණන්ගේ හොඳ කථිකත්වය කිසිම අඩුවක් නැතිව පිහිටලා තියෙනවා. ඔව් ඇය කීවා සේ ජනතාවට සේවය කරන්ට දේශපාලකයෙකුම වෙන්න ඕනේ නැහැ. නමුත් ලංකාවේ දේශපාලනය බොහොම දරුණු ලෙස බලහත්කාරයෙන්ම වගේ සෑම අංශයක්ම ආක්‍රමණය කරලා තියෙන නිසා, ජනතාවට වඩාත් දැනෙන පුළුල් සේවයක් කරන්ට ඕනේ නම් ඇයට අකමැත්තෙන් හෝ දේශපාලනයට සම්බන්ධ වුණා නම් බොහෝ ගුණාත්මක දූෂණයෙන් තොර බොහෝ හොඳ වැඩ කොටසක් කරන්නට විනිවිද භාවයෙන් යුතුව ඇයට කරන්ට පුළුවන් වේවි. මම ඇයට සුභ පතමි.
හොඳට තිබුණු රට නේද මේ නිකන් විනාශ වුණේ?
මිස්ටර් බීන් ගැනද ලීයල තියෙන්නේ?
ඔබගේ ජනාධිපති තාත්තා ගැන අප විතරක් නොව මුළු ලොවම දනී. නමුත් ඔබට තිබුණා ග්‍රාමසේවක තාත්තා යනුවෙන් පොත හඳුන්වා ඒ කාලයේ මතක සටහන් ටිකක් පමණක් නොදන්නා අයගේ දැන ගැනීමට ඉදිරිපත් කිරීමට.
චතුරිකා! මොහොතකට මම ඔබගේ ප්‍රේක්ෂකයෙකු වීමි. නිවේදිකාව අසන පැන වලට ඉතා සාවධානව පිළිතුරු දෙන ආකාරයත් හදවතේ තෙරපෙන හැඟීම් සංවේදී අන්දමට ප්‍රකාශ කරන ආකාරයත්, ඔබගේ තාත්තාගේ දේශපාලනයට විරුද්ධවන අයෙක් හැරුන කොට අන් ඕනෑම කෙනෙකුගේ සිත් දිනා ගැනීමට තරම් ආකර්ෂණයට ලක්වූ බව සැබෑවක්. ඔබ විවෘතව කතා කළා මෙන්ම මමත් කැමතියි ඔබ දිරිය දියණියක් සේ යහපත් හෙට දිනයකට මං පෙත් හෙළිකරගන්න කරන අභ්‍යාෂයෙදී මීටත් වඩා නිවැරදි වෙනවා දකින්න. මා එය දකින්නේ ඔබගේ පියා අයිති වෙන පරම්පාරවට සම්බන්ධ අයෙක් හැටියටයි. අපි දරුවන් හැටියට කිසිදා ක පියා හෝ මව ගැන සඳහන් කරන විට " එයා " " මෙයා" කියන පාවිච්චි කළේ නැහැ. තාත්තා කුලී කරුවෙක් උනත් එම පියාට " අපේ තාත්තා" මිස "එයා" කියා අපි සඳහන් නොකළේ කුළී කරුවෙන් වුනත් ජනාධිපති කෙනෙක් වුනත් තාත්තා තාත්තාම නිසයි. අම්මා අගමැතිනිය වුනත් කුස්සි අම්මා කෙනෙක් වුනත් අපට අම්මා අම්මාම විය. මෙතනදී මාහට වැරදුනා ද නැත්නම් ඔබට වැරදුනා ද යන නිගමනයට ඒමට පාඨකයින් ට ඉඩ තබා දෙවන මාතෘකාවට එමි. (ප්‍රථම කොටස)
(දෙවන කොටස) ශ්‍රී ලංකාවේ මෙතෙක් හිටපු කිසිම රාජ්‍ය නායකයෙකුගේ දරුවෙකුට නොතිබුන මව් බස වූ සිංහළ මේ තරම් ව්‍යාක්ත හා සුගම ලෙස හසුරුවීමේ ඉතා හොඳ හැකියාවක් තිබෙන බව ඔබ ඔප්පු කළා. එක අතකින් එයා, ඔබට විරුද්ධව වියරු වැටී හැසිරෙන ඇතැමෙක් චෝදනා කරන පරිදි වියත් ලේඛක යෙක් ලවා පොත ලියවා ගන්න ඇතැයි කරන චෝදනාවට කදිම පිළිතුරක්. මේ ඔබගේ තාත්තාගේ ආදරයත් සමගම ඔබට ලැබුන දායාදයක්. එහෙත් වැරදීමකින් හෝ ඉංග්‍රීසි වචන කිහිපයක් අනවශ්‍යය ලෙස කතාවට ඇතුල් වීම ඔබේ චරිතය ට ගැලපෙන්නේත් නැහැ අපේ මව් භාෂාවට ගැලපෙන්නේත් නැහැ. උදාහරණයක් හැටියට තාත්තා "ජාතික ඇඳුම" ඇඳගෙන හවසට ගෙදර එන අන්දම විස්තර කරන්න ඔබ යොදා ගත්තේ "නැෂනල් " කියන ඉංග්‍රීසි වචනයයි. සමස්ත වැඩ සටහන පුරාම ඉතාමත් සංයමයෙන් සහ කලාතුරකින් කෙනෙකු භාවිතා කරන ලස්සන සිංහළ වචන හසුරුවමින් ඔබ දැක්වූ ව්‍යාක්ත බවට ඔබ කිහිප තැනකදී යොදා ගත් ඉංග්‍රීසි වචන නිසා හානියක් සිදු වුන බවට කනගාටුවෙන් වුනත් ප්‍රකාශ කරන්න ඕනේ.
සමස්තයක් හැටියට ඔබ දැවැන්ත අභියෝගයකට මුහුණ දෙමින් "ජනාධිපති තාත්තා" කෘතිය එළි දැක්වීමට ගත් තීරණය තුළ ඔබගේ ජනධිපති පියා දේශපාලන වශයෙන් ලබා ගත් ජයග්‍රහණයට වඩා ජයග්‍රහණයක් ඔබට මේ සා හැකියාවක් උරුම කරදීමෙන් ලබා ගෙන ඇතැයි මා පවසන්නේ හිතට එකඟවයි. ඒ තාත්තා දිනක ඔය තනතුරු අහිමිව ගෙදරට එන විට ඒ තාත්තා ට ලොවම අහිමි වුනත් ඔබ වැනි ශ්‍රේෂ්ඨ දුවෙක් අහිමි වෙන්නේ නැහැ. මේ ආදර්ශය දීමට අපොහොසත් "දේශපාලන තාත්තලාගේ " සහ "පුතාලගේ" කෙරුවාව ඉදිරියේ ඔබටත් ඔබගේ ආදරණීය තාත්තාටත් ඉන්ද්‍ර ඛීලයක් සේ නැගී සිටින්න පුළුවන් සමාජ වාතාවරණයක් තවමත් ඉතිරිව තිබීම ගැන සතුටු වෙමි.