ඡායාරූප - ගයාන් අමසේකර
සීග්නිස් උත්තමාචාර 2018 සිනමා සහ ටෙලි සම්මාන උළෙල ඊයේ (25) පස්වරුවේ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.
එහිදී වසරේ නිර්මාණශීලි හොඳම (සිනමා) නළුවාට හිමි සම්මානය ධර්මයුද්ධය චිත්‍රපටයේ හරිස්චන්ද්‍රගේ චරිතය නිරූපණය කිරිම වෙනුවෙන් ජැක්සන් ඇන්තනී ට හිමිවිය.
වසරේ නිර්මාණශීලී හොඳම සිනමා නිළිය ලෙස සම්මානය හිමිවුයේ ප්‍රේමය නම් චිත්‍රපටයේ සමාධිගේ චරිතය නිරූපණය කළ සමනලී ෆොන්සේකාට ය.
නිර්මාණශීලි හොඳම ටෙලි නාට්‍ය නළුවා බැද්දේ කුලවමිය ටෙලි නාට්‍යයේ එඩ්වින්ගේ චරිතය නිරූපණය කළ මහේන්ද්‍ර පෙරේරා සහ වසරේ නිර්මාණශිලි හොඳම ටෙලි නාට්‍ය නිළිය බැද්දේ කුලවමිය ටෙලි නාට්‍යයේ චන්චලාගේ චරිතය නිරූපණය කළ නදී කම්මැල්ලවීරටය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නදීට අපේ සුභ පැතුම්..!!! බොහොම කාලයකට පසුව දෙබස් කියවාගත නොහැකි නිරූපිකාවන් කෘතිමව සැකසූ තඹ පාට සැලෝන් කොණ්ඩය එක්ක ගැමි චරිතය රඟපාලා සම්මානයක් ලබා රටටම විහිළුවක් නොවූ අවස්ථාවක්....