(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)
ශ්‍රී ලංකා චිත්‍රපටි සංස්ථාවේ නව සභාපති ලෙස පත්කෙරුන සිතේන්ද්‍ර සේනාරත්න මහතා අද(4) කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි ශ්‍රී ලංකා චිත්‍රපටි සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේදී වැඩ බාරගත්තේය.
මහා සංඝරත්නයේ සෙත් පිරිත් ආශිර්වාද මැද රාජකාරි ලිපියකට සිය අත්සන යොදා ඔහු වැඩ කටයුතු නිල වශයෙන් ඇරඹීය. රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ.රත්නසිරි, ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ සභාපති නීතීඥ රවී ජයවර්ධන, චිත්‍රපටි සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ආනන්ද බණ්ඩාර දිසානායක, අධ්‍යක්ෂවරුන් වන පී.වී.පී.දයාරත්න , ආචාර්ය කීර්ති කොටගම , බෙනට් රත්නායක යන මහත්ම මහත්මීහුද මේ අවස්ථාවට එක්වූහ.




COMMENTS
අනේ මේ දේශපාලන නළුවෝ හැර වෙනත් දක්ෂයෙක් මේ චිත්‍රපටි සංස්ථාවට ඇත්තෙම නැද්ද ?
නිහාල් සිංහ මහතාගෙන් පසුව ආ කිසිම කෙනෙක් කලදෙයක් නැහැ. මේ දක්වා චිත්‍රපට සංරක්ෂණයට කිසිවක් කර නැහැ. සිනමා සංස්ථාවට මෙයට වඩා ඒ ගැන දැනුම තියෙන කෙනෙක් පත්කරන්න ඕනේ යමක් වෙන්න නම්...