IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ගාලු කොටුවෙන් පාසල ඉවත් කරනවාට විරෝධය

(අමල් වික්‍රමරත්න)
 
ගාල්ල කොටුවේ සියලු ශාන්තුවරයන්ගේ පාසල එම ස්ථානයෙන් ඉවත්කිරීමට විරෝධය පළකරමින් අද (01) ගාලු නගරය වටා සාමකාමී විරෝධතා පාගමනක් පැවැත්වූ විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය ඇතුළු පිරිස ගාල්ල දිස්ත්‍රික් ලේකම් එස්.ටි.කොඩිකාර මහතා හමුවී සන්දේශයක් බාරදීමට ගියද එය දිස්ත්‍රික් ලේකම්වරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.
සංදේශය භාරදීමට ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට එක්වූ පිරිස කාර්යාලය ඉදිරිපිට ගාලු කොළඹ මහා මාර්ගය අවහිර කරමින් බිම වාඩිවී උද්ඝෝෂණයක නිරත වූහ.
මේ හේතුවෙන් ගාලු - කොළඹ මාර්ගයේ වාහන ගමනාගමනයටද බාධා එල්ල විය.
ලෝක උරුමයක් වන ගාල්ල කොටුවේ පිහිටා ඇති රාජ්‍ය ආයතන 15ක් දෙසැම්බර් මස අවසානයට පෙර කොටුවෙන් ඉවත් කිරීමට ගැසට් නිවේදනය නිකුත් වී ඇති බවත් ඒ අනුව අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කරමින් තිබෙන බවත් ගාලු උරුමය පදනමේ සභාපති වරලත් වාස්තු විද්‍යාඥ චන්න දාස්වත්ත මහතා පසුගියදා පැවසීය.


 



අදහස් (9)

ගාලු කොටුවෙන් පාසල ඉවත් කරනවාට විරෝධය

jayampathi Wednesday, 01 November 2017 08:49 AM

මේ මොන විකාරයක්ද - පාසල ඉවත් කරනවාට විරෝධය පාන්නේ අලුත් පාසලක් නවීන පහසුකම් සහ වැඩි ඉඩ පහසුකම් ලැබෙන බව නොදැනද ? නැතිනම් මෝස්තරයට වගේ මේගොල්ලොත් පාර වහගෙන උද්ගෝෂණය කරනවද - මේ රට ගෝත්‍රික බැවින් මිදිලා දියුණු වෙන්නේ කවදද ?

:       313       665

dumindaWednesday, 01 November 2017 09:24 AM

අපේ රටේ හුගක් උද්ගෝෂණ වලට සාධාරණ හේතුවක් නැහැ. මහජන පීඩාව සහ කාලේ නාස්තිය විතරයි

:       1       203

SamanWednesday, 01 November 2017 09:37 AM

ජයම්පතී ඔයා කවුද මේ අනවශ්‍ය දෙයක් ගැන කතා කරන්න ඔයා මොනවද දන්නේ මේ ගැන අලුත් පාසලක් දෙන්නේ ඔයාද ? කොහන්ද ඒක දෙන්නේ ගාලු කොටුව ලෝක උරැමයක් උනේ මේ සියලු දේවල් නිසා කියලා ඔයා දන්නවද මම හිතන්නෙ මේ රට තමයි ලෝකෙ එකම රට පාසලක් වහලා හොටෙල් එකක් ඕපන් කරන්න හදන. නොදන්න දේවල් වලට ණයට කහින්නෙ නැතුව ඔයාගෙ වැඩක් බලාගෙන ඉන්න

:       117       127

sahanWednesday, 01 November 2017 10:26 AM

සමන් ඇත්ත කතාකරන්න ඕන කෙනෙකුට අයිතියක් තියෙනවා

:       0       0

athuraWednesday, 01 November 2017 10:38 AM

සමන් ඔයා ගාල්ලෙද?

:       0       0

buddhiWednesday, 01 November 2017 10:14 AM

රටට සංවර්ධනය අවශ්‍යයි නෙවෙයි අත්‍යවශ්‍යයි. ඒවා කරද්දී අදාල පාර්ශව හොඳින් දැනුවත් කරන්න. ඒක තමයි අපේ රටේ නොවෙනම කොටස.

:       0       0

mara Wednesday, 01 November 2017 09:00 AM

අපිත් ගාල්ලේ කොල්ලෝ තමයි. නමුත් දිස්ත්‍රික් ලේකම්වරයා හරියටම සලකල තියනවා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය ඇතුළු පිරිසට.

:       27       39

anula Wednesday, 01 November 2017 09:19 AM

පාසැල නොවෙයි ඔය තියෙන ගෙවල්. ඉන්දියන් කඩ අයින් කරන්න ඒවා දැක්කම හරිම හිරිකිතයි

:       78       54

Saman Wednesday, 01 November 2017 03:36 PM

Ashan මම පිළිගන්නවා ඇත්ත කතා කරන්න ඕන කෙනෙකුට අයිතියක් තියෙනවා. හැබැයි ඇත්ත මොකක්ද කියලා හරියට නොදැන ඇත්ත වගේ නොදන්න දෙයක් ගැන කතා කරන එක සදාචාරයට ගැලපෙන්නේ නෑ නේද

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 653 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 320 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1107 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site