(කරන්දෙණිය එම් .සුසිල් පියන්ත)
තෙල්වත්ත, පැරැලිය, අකුරල, කහව ආදී ප්‍රදේශවලින් ගාලුපාරට මුහුදු රළ පහර ගැසීම නිසා අද (11 ) එම ප්‍රදේශ හරහා ගාලු පාරේ රථ වාහන ගමනා ගමනයට දැඩි බලපෑම් එල්ලවිය.
මුහුදු රළ සමග ප්‍රධාන මාර්ගයට වැලි ගල් ඇතුලු අපද්‍රව්‍ය ගොඩ ගැසීම නිසා එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනය සිදු කිරීමට නොහැකිව තිබිණි.
මහා මාර්ග සංවර්ධන අධිකාරියත් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා රත්ගම ප්‍රාදේශීය සභාව එක්ව ප්‍රධාන මාර්ගයට ගොඩ ගැසු වැලි, ගල් හා අපද්‍රව්‍ය ඉවත් කිරීමට පියවර ගනු ලැබූවත් නැවත නැවතත් එම ද්‍රව්‍ය ප්‍රධාන මාර්ගයට ඒම නොකඩවාම සිදුවිය.


(ඡායාරූප - කරන්දෙණිය එම් .සුසිල් පියන්ත)


(ඡායාරූප - දීපාල් සිල්වා)



(ඡායාරූප - අම්බලන්ගොඩ හේමන්ත ද සිල්වා)


(ඡායාරූප - සුගතපාල දියගහගේ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අර මැට්ටෝ කියයි ජනපති මේවාට වගකිව යුතුයි කියලා.. අර හාදයා කියවයි අපේ ආණ්ඩුව ආවගමන් මුහුද මහපාරට එනඑක නවත්වනවා කියලා.
මම මුහුදු පතුල වුකුණාගෙන කෑවා නම්,.. ඒ නිසා දැන් තාරත් ගිලා බහිනවා නම් ... මමත් රටේ අගමැති නම් හරි...
මෙම ප්‍රදේශවල මෙසේ මුහුද ගොඩගලා පාරට පැමිණෙන අවස්ථා නිතර නිතර දැකීමට පුළුවන් සිද්ධියක්.. මෙයට හේතුව මෙම ප්‍රදේශවල හිරිගල් කඩා දැමීමයි. හිරිගල් කැඩීම නිසා කොරල්පර විනාශ වී යන අතර, වේගයෙන් පැමිණෙන මුහුද රට පාරට පැමිණේ. ඒ සමග වැලිද පැමිණේ. මෙම හිරි ගල් කැඩීම නැවැත්වීම සඳහා වෙරළ සංරක්ෂණ ව්‍යාපාරය හා පරිසරවේදීන් බොහෝ උත්සාහ කළ අවස්ථා එමටයි. ස්වාභාවිකව පවතින හිරිගල මුහුදු රළ වේගය පාලනය කිරීම සඳහා ඉවහල් වෙයි. එහෙත් එය කඩා බිඳ දැමීම නිසා මුහුදු රළ ගොඩබිමට පැමිණේ. බොහෝ හිරිගල් කැඩුණු ස්ථානවල සුනාමියෙන් දරුණු අනතුරු සිදුවිය. මේ අතින් බලනවිට, පරිසරය විනාශ කරන මිනිසා නිසා සොබාදහමෙන්ද, දඬුවම් ලැබෙන බව පෙනේ. අවසානයේදී ඒ සඳහා කරුණු නොදැන කෑකෝ ගසන්නේද එම මිනිසාමය.
ගොඩ ගැසූ ගල් වැලි, අපවිත්‍ර දේවල් නිරතුරුවම ඉවත් කරත් , නැවත නැවත ඒවා ගොඩ ගැසෙනවා නම්, අපට හිතන්නට යමක් ඉතුරු වී ඇත.
තරහ වෙන්න එපා. ඕවට වියදම් කරන්න මුදල් නැහැ. ගුවන්තොටුපළවල්, කුළුණු, වරාය, රඟහලවල්, අධිවේගී ඔක්කෝටම සල්ලි ටික වියදම් වුණානේ..
එක සැරයක් ඇවිත් පුරුදු වුණාම ආයෙ ආයෙත් එනවා. එයාගෙ හැටි ඔහොම තමයි.
ගල්කිස්සේ ගොඩකරපු මුහුදු වැලි මෙච්චර දුර ආවාද?
මෙය සිදු වූයේ 11 වන දින සවස 5:40 ට සහ 10 වන දින සවස 5:12ට නම්, එය වඩදිය බාදිය නිසාය. එවිට මෙය පුනරාවර්තන බලපෑමක් වන අතර මාර්ගය ඉහළට ඔසවා තැබිය යුතුයි. වසරකට දින කිහිපයක් මෙය සිදුවුවහොත් මෙය නොසලකා හැරිය හැකියි.
අළුත් ජනාධිපති පත් වුණු දවසේ ඉඳන් ස්වාභාවික විපත්වල කෙලවරක් නෑ. නීතිය අපහරණය කෙරෙන හැටියට මෙහෙම වෙලා නැවතුනොත් ඇති...
පරිසරයට කල නොපනත්කම් නිසා මේ දේවල් සිදුවිය හැක.
මුහුද ගොඩකිරීමේ අපරාධයට මුහුදේ පලියද මේ? චීනාට මොකද බැට කන්නෙ ජනතාවනේ? කාසි වෙන සාක්කුවේ...