(කාංචන කුමාර ආරියදාස )
සිගිරිය අභයභූමියට අයත් සිගිරිය හා පිදුරංගල ගල් දෙක අතර පුරාවිද්‍යා හා වනජීවී කලාපයේ දැව ජාවාරමේ නියුතු බාල වයස්කරුවකු හා ඔහුගේ පියා සැකපිට අත්අඩංගුවට ගත්බව වනජීවී කාර්යාලය කියයි.
ගස් කැපීම සම්බන්ධයෙන් තවත් අයකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් සිගිරිය වනජීවී කාර්යාලය පවසයි. වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයට ලැබුණු තොරතුරක් හරහා දින තුනක් රැක සිටිමින් මේ මහා වන සංහාරය සිදු කරන පිරිස අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව වනජීවී නිලධාරීහු කියති.
මේ එක ගසක් සදහා මේ සැකකාර පියා රු 40 බැගින් පුතාට හා මිතුරාට ගෙවන බව කියති. ඒ අනුව රක්ෂිතය තුළ කපා ගොඩගසා තිබු ගස් 350ක් රැගෙන යාම සදහා පැමිණි පියා හා පුතා වනජීවී නිලධාරින් විසින් වනය තුළදීම අත්අඩංගුවට ගනු ලැබූහ. ඒ අතරතුර වනයේ සැගවී සිටි පුතාගේ මිතුරා පොරවත් පිහියත් දමා පැනගොස් ඇතැයි කියති.





COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.