
(අනුරාධපුර දයාරත්න ඇඹෝගම)
ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ 28 වැනි ගුණසැමරුම් උළෙල, මේජර් ජෙනරාල් ප්‍රතාප් තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) පස්වරුවේදී අනුරාධපුර ශික්ෂණ රෝහල් වට රවුමේ පිහිටි ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ පිළිරුව අභියසදී ඉතා උත්කර්ෂවත් ආකාරයෙන් පැවැත්විණි.
ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා 1992 වසරේ අගෝස්තු 08 වැනි දින යාපනය අරාලි තුඩුවේදි එල්ටිටිඊ ත්‍රස්වාදීන් අටවන ලද පීඩන බෝම්බයකට හසුවී දැයෙන් සමුගෙන අදට (08) වසර 28 ක් ගතවී ඇත.
ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා දැයේ ආරක්ෂාව වෙනුවෙන් සටන් බිමේ සිදුකළ සේවාවන් උදෙසා ඒ මහතාගේ පිළිරුව ඉදිරිපිටදී මෙසේ ගුණසැමරුම් උත්සවය සංවිධානයකර තිබුණි.
මෙම අවස්ථාවට යුද හමුදාවේ උසස් නිලධාරිහු රැසක් එක්ව සිටියහ.



COMMENTS
මේ රට මහ පුදුම රටක්. බොරුව සමාජගත වුනොත් මේ රටේ මිනිසුන් කිසිදු වග විභාගයක් නොමැතිව එය පිළිගන්නවා. ඒක තමයි තිත්ත ඇත්ත ඩෙන්සිල් කොබ්බෑකඩුව ඝාතනය ත්‍රස්තවාදීන් කළ දෙයක් නොවෙයි. විදේශයකින් ගෙන්වන ලද යුධ විශේෂඥයෙකු ඒ බව යුද පර්යේෂණයකින් ප්‍රායෝගිකව ඉතා පැහැදිලිව ඔප්පු කොට පෙන්නුවා. ඒ දිනවල එම වීඩියෝ රූපවාහිනිය ඔස්සේ මාද නැරඹුවා. තවත් මෙය දැකපු අය ඇති. පොළොවේ සවි කරපු පීඩන බෝම්බයක් නම් එය එසේ නොවන බව එම යුද විශේෂඥයන් පොළොවේ සවි කරන ලද බෝම්බයකින් පෙන්වා දුන්නා. ඉන්පසු ඇතුළත සවි කරන ලද බෝම්බයක් තබා ඩිපෙන්ඩරයෙ උඩ තිබුන ස්පෙයා වීල් එක ගැලවී උඩ විසි වෙන වැටි වැටි හැටි ඔහු මනාව පෙන්වා දුන්නා. ඒත් මේ රටේ මිනිසුන් මේ රටේ දේශපාලනඥයෙකු කළ ඒ වරද, ඒ ඝාතනය ත්‍රස්තවාදීන් පිටින් ඔවුන්ගේ ගිණුමට බැර කලා. කොහොමද බොරුව සමාජගත වූ අපූරුව ... කියලා වැඩක් නෑ....
උත්තමාචාරය...
මෙතුමාව ඝාතනය කලේ කවුද කියලා දන්නෝ දන්නවා.
තවම මතකයි... සාලිය අහංගම, විජය විමලරත්න, මොහාන් ජයමහ, ලංකාතිලක, විජේපුර වැනි විරුවන්ගේ මරණ... ඒ අයට නිවන් සුව අත්වේවා..!
අපට හිටිය ඉතාම නිහතමානී සෙන්පතියෙක්.