IMG-LOGO

2024 අප්‍රේල් මස 21 වන ඉරිදා


එජාපයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි

එක්සත් ජාතික පක්ෂයේ මහමැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී එළිදැක්විණි.

එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශය ඩිජිටල් තාක්ෂණය ඔස්සේ එළිදැක්වීම මුලින් සිදුකෙරුණු අතර ඉන් අනතුරුව මහා සංඝරත්නය ඇතුළු සර්ව ආගමික නායකයන් වෙත ප්‍රතිපත්ති මාලාව පිළිගැන්වීම සිදුකෙරිණි.
 
(ඡායාරූප - ඉෂාන් සංජීව)



අදහස් (18)

එජාපයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි

binkunndaa Thursday, 16 July 2020 05:59 PM

ඉතුරු රිළව් රැළ පොහොට්ටුවේ ජයග්‍රහණය කරා වැඩකරන වගයි.

:       175       506

Raveendra Thursday, 16 July 2020 07:17 PM

සූත්තර පුංචා මෙදාපාර අපට දෙන්නේ කොළඹ 7.. අලුතෙන් පටන් ගත්ත කර්මාන්ත ශාලාවෙන් හදපු රේන්ජ් රෝවර්. ඒ නිසා අපි සූත්තරයට.. සූත්තරයා අපිට...

:       36       507

DilanFriday, 17 July 2020 08:55 AM

තව ජොබ් නම් දෙන්න ඉතුරුවෙලා නැතුව ඇති. ලක්ෂ 10ක්ම දුන්නනේ. අලුත් කාර් කොම්පැනියට කොරියාවෙන් තමයි වැඩකරන්න මිනිස්සු ගෙන්නන්න වෙන්නේ..

:       44       261

vinivida Thursday, 16 July 2020 10:16 PM

සිරිකොත මන්දිරයට අද පැමිණ සිටින සියලු දෙනාම බොක්කෙන්ම අලියව ආරක්ෂා කරන්න. පක්ෂය ආරක්ෂා කරන, කොළපාට ආරක්ෂා කරන නියම එක්සත් ජාතික පාක්ෂිකයන් වේ. කණ්ඩායම් කල්ලි නොමැතිව, තනතුරු සඳහා සටන් නොකර පක්ෂය ආරක්ෂා කරගනිමින් එක්සත්ව ඉදිරියට යාමට කටයුතු කළයුතු වේ.

:       329       302

vinividaSaturday, 18 July 2020 01:07 AM

පසුගිය රනිල්ගේ රජය විසින් ගෙනඑන ලද 19 වැනි සංශෝධනය නිසා මේ වනවිට මාධ්‍යවේදීන් නිදහසේ බයෙන්, සැකෙන් තොරව ඕනෑම කෙනෙකුගෙන් ප්‍රශ්න ඇසීමට අවස්ථාව ලැබී තිබේ. මේ වනවිට දේශපාලකයාගේ හෝ වෙනත් අයගේ නිවෙස් වෙතම ගොස් ඕනෑම ප්‍රශ්නයක් ඇසීමට නිදහස ලැබී තිබේ. 2015 ජනවාරි 8 වෙනිදාට පෙර මෙවැනි නිදහසක් මාධ්‍යයට ලැබී තිබුනේ නැත. ඒ කාලයේ මාධ්‍යවේදීන් සිටියේ විදෙස් ගතවයි. අද වනවිට දේශපාලකයාගෙන් ප්‍රශ්න ඇසීම අලුත් ප්‍රවණතාවයක් දක්නට ලැබේ. එය අපි අගය කරමු. එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තද ඔවුන්ට මෙම අසීමිත නිදහස ලැබී ඇත්තේ සහ ලබා දුන්නේ කවුරුන්ද කියා කීමට සියලුම මාධ්‍යවේදීන් මේ වනවිට අපොහොසත්ව ඇත. තවමත් ඔවුන් කඩේ යන්නේ ඔවුන්ට තර්ජන ගර්ජන කළ දේශපාලන පක්ෂ වෙත දෝ කියා සැකයක් ඇත. කෙසේවෙතත් පක්ෂ නායකයින් සහ ලේකම්වරුන් මාධ්‍ය ආයතන වෙත සකච්ඡා සඳහා කැඳවීම් කළ විට මාධ්‍යවේදීන්හට යොමුකිරීමට ප්‍රශ්නයක් ඇත. එම ප්‍රශ්නය වන්නේ 19 වැනි සංශෝධනයෙන් මාධ්‍යයට ලැබී ඇති අසීමිත නිදහස පිළිබඳව ඔවුන් දරන අදහස සහ ඔවුන්ගේ මතය පිළිබඳව දැනගැනීමට ඔවුන් වෙත ප්‍රශ්නයක් යොමුකළ යුතුම වේ...

:       117       51

ABCSaturday, 18 July 2020 01:22 AM

පසුගිය රජයේ නායකයන් දේශපාලන සාකච්ඡා සඳහා සහභාගී වන සෑම අවස්ථාවකදීම බැඳුම්කරය පිළිබඳව ඔවුන් වෙත ප්‍රශ්න යොමු කෙරේ. මෙම ප්‍රශ්න කිරීම අවසාන කිරීමට පිළිතුරක් ලබා දියයුතුවේ. මේ වනවිට මාධ්‍ය මගින් බැඳුම්කරය පිළිබඳව ප්‍රශ්න ලක්ෂ ගණනක් ඇසුවද ඔවුනට අවශ්‍ය වන්නේ මොන ආකාරයේ පිළිතුරක්ද කියා විමසා ඔවුනට ප්‍රශ්නය යොමුකළ යුතුවේ. මාධ්‍ය වේදීන්ගේ වෘත්තිය ප්‍රවීණත්වය කිසිසේත්ම ඔවුන්ගෙන් දක්නට නැත. දිනපතාම වගේ එකම ප්‍රශ්නය සෑම මාධ්‍ය ආයතනයක් විසින්ම දේශපාලකයා වෙත යොමු කරනු පෙනේ. රටේ ජනතාව දැනුවත් විය යුතු දහසක් ප්‍රශ්න ඇතත් මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන නිදහස් ජනමාධ්‍ය මගින් නිසි ප්‍රයෝජන නොගන්නා බවක් පෙනෙන්නට ඇත...

:       4       38

kamal Friday, 17 July 2020 04:13 AM

මේ සැරේ මහබැංකු ලොක්කා කාවද පත්කරන්නේ කියලා නැතිද?

:       204       607

Raveendra Friday, 17 July 2020 06:23 AM

ඇයි ඔබට ඉරිසියයි නේද? මම මේ සැරේ අර්ජුනගේ පුතා "සිල්වෙස්ටර්ව" එයාව පත්කරන්න හිතාගෙන ඉන්නේ.. ඉතින් ඔබට තියෙන ගැටලුව නොහොත් පැනය කුමක්ද?

:       308       220

kanchana Friday, 17 July 2020 06:59 AM

මේ ටිකයි. පොහොට්ටුවේ ගොත්‍රිකයින්වයි.. මේ පාර රටේ දුක් විඳින ජනතාව ප්‍රතික්ෂේප කරනවා. මේ දෙගොල්ලන් එකතුවෙලා මේ රටම චීනාටයි.., ඇමෙරිකාවටයි සින්නක්කර විකුණනවා. මොකද මුදල් කළමනාකරණයක් නැහැ. පොහොට්ටුවන් දන්නේ ගිනි පොලියට ණය ගන්නයි, ඒවා හොරා කන්නයි විතරයි. රනිල් දන්නේ අමෙරිකාවත් එක්ක හොර ඩීල් දාන්න පමණයි. අපේ පවුලේ සියලු දෙනාම මේ පාර සජිත්ට. මොනවා වුණත් දුප්පතාට හිතවත් මනුස්සයෙක්...

:       1503       1324

samanthaFriday, 17 July 2020 09:38 AM

කාංචන, අපි ගම්පහ. අපේ හිතවත් පරණ යූ.එන්.පී. කාරයෝත්, ශ්‍රී ලංකා කාරයොත් මේ පාර කෙලින්ම සජිත් මහත්තයාට. පොහොට්ටුවන් ගැන කතාකරලා වැඩක් නැහැ. එතන ඉන්නේ හොරුයි. ඉඩම් හොරුයි. ඔක්කොම හොරු...

:       610       727

Mangala Friday, 17 July 2020 07:48 AM

මේකෙන්ම පේනවා මේ මිනිස්සු කරන බොරුව. සෑම මැතිවරණයකටම අලුත් ප්‍රතිපත්ති ප්‍රකාශනයක්. එක ප්‍රතිපත්තියක් නැහැ. ඒකෙන්ම පේනවා මේ මිනිස්සු එදාවේල හොයන බව. මෙයා ටීවී එකේ එක කරන කථාවකට ඡන්ද 1000ක් කැඩෙනවා. නොකා මළත් මේ වෙන්දේසි කාරයින්ට නම් වටිනා ඡන්දය දෙන්න එපා... මීට, එජාපෙ බොරුවලට රැවටුණු සහ දේශපාලන පළිගැනීමට ලක්වුණු එජාප වෘත්තීය සංගම් සාමාජිකයෙක්...

:       26       115

WARUNA Friday, 17 July 2020 07:48 AM

වැඩි ඡන්ද සජිත් මහත්තයාට මේ පාර... චෝදනා නැති එකම පක්ෂය...

:       402       1205

Bandara Friday, 17 July 2020 08:20 AM

මේවා කියවලා ඡන්දෙ දෙන මිනිස්සු මෙහෙ නෑ. ඒ වගේ බුද්ධිමත් ඡන්ද දායකයින් වෙන රටවල්වල නම් ඇති...

:       12       171

ranjith Friday, 17 July 2020 11:25 PM

දශක ගණනක් මේ රට විනාශ කළ නායකයා දැන් ඉදිරිපත් කරනවා අලුත් දැක්මක්... මේ තරම් කාලයක් පොල් ගෑවාද? වලපයයි, ගොඩපයයි තියාගෙන තියාගෙන රට දියුණු කරන්න හදන්නේ...?

:       94       123

banda Saturday, 18 July 2020 06:17 PM

මෙදාපාර මේ අය අන්ත පරාජයක් ලබනවා.

:       0       0

priyadarshana - qatar Sunday, 19 July 2020 12:06 PM

ඡන්දෙන් ඡන්දෙට ප්‍රතිපත්ති ප්‍රකාශ නොකර, එක ප්‍රතිපත්තියක උන්නා නම් ඉවරයිනේ. හැම පක්ෂෙම.., එතකොට මහජනතාව දන්නවා කළේ මොනවද? නොකළේ මොනවද කියලා..?

:       0       0

banda Monday, 20 July 2020 08:31 AM

මෙදා පාර ගෙදර යවමු.

:       0       0

Bamunuarachchi Thursday, 30 July 2020 03:37 AM

එජාප ප්‍රතිපත්ති එළිදක්වන්න ඕනේ නැහැ.. අපි අත්දැකීමෙන්ම දන්නවා. ඒ නිසයි අපි ඡන්දය නොදෙන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6139 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18249 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1234 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9411 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 547 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 240 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1569 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1465 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site