(උපුල් තම්මිට)
මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් දිවිදුන් රණවිරුවන් සමරා රණවිරු සේවා අධිකාරිය විසින් සංවිධානය කළ උතුරු මැද පළාත් රණවිරු සැමරුම අද (16) අනුරාධපුර රණවිරු ස්මාරකය අභියසදී පැවැත්විණි.
උතුරුමැද පළාත් ආණ්ඩුකාර පී.බී.දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රණවිරු සැමරුම සර්ව ආගමික වතාවත් වලින් අනතුරුව රණවිරු ස්මාරකය අභියසදී පුෂ්පොපහාර දැක්වීම සිදු කැරිණි.
පසුව පළාත් ප්‍රධාන අමාත්‍ය පේශල ජයරත්න, රණවිරු සේවා අධිකාරියේ සභාපතිනී අනෝමා පොන්සේකා මහත්මිය ඇතුළු රාජ්‍ය නිළධාරීන් ආරක්ෂක අංශ ප්‍රධානීන් හා රණවිරු පවුල්වලට අයත් ඥාතීන් මෙහිදී පුෂ්පෝපහාර දැක්වීමට එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට දැය වෙනුවෙන් දිවි පිදු රණ විරුවන් සැමරීම ඉතාමත් අගය කරමි. මන්ද ඔවුන් ජිවිත පරිත්‍යාග කලේ ජීවත්ව ඉන්නා අප වෙනුවෙන් බැවිනි. නමුත් යුද්ධයේදී ආබාධ වූ රණවිරුවන්ට සහ යුද්ධයට සහභාගී වූ රණවිරුවන්ට වත්මනේදී ලැබෙන ගෞරව සැලකිලි ප්‍රමාණවත් නැති බව මාගේ අදහසයි. සිරගතව සිටින ත්‍රස්තවාදීන් නිදොස් කොට නිදහස් කරමින් ඔහුන්ගෙන් රට මුදවා ගැනීමට ක්‍රියාකළ රණවිරුවන් සිපිරිගෙට යැවීම පිළිකුලෙන් යුතුව හෙලා දකිමි. මියගිය රණ විරුවන් සමරනවා සේම කුමන අන්දමින් හෝ ජීවත්ව ඉන්නා රණ විරුවන්ටත් නිසි ගෞරවය, සැලකිල්ල ලබාදීමට කටයුතු කරන්නේ නම් මැනවි.
හරිම හොඳ වැඩක්, ජය වේවා
මිය ගිය විරුවන්ට නිවන්සුව නොපතමු විරුවනි උපදින්න නැවතත් මව්බිමේ දැකගන්න නිදහස මව්බිමේ එය දැක සැනසී නිවන් යන්න