IMG-LOGO

අහම්බෙන් හමු වූ මැති-ඇමැතිවරු

 

නව අමාත්‍ය  මණ්ඩලය දිවුරුම් දීමෙන් පසු පක්ෂ  විපක්ෂ මන්ත්‍රීවරු-ඇමැතිවරු  පාර්ලිමේන්තු  සංකීර්ණයේදී   අද හමු වූ අවස්ථාවේදී එකිනෙකාට සුබ පතනා අයුරු දක්නට ලැබිණි.
 
 දි.මු ජයරත්න මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණි සිටි ඔවුහු මෙලෙස එකිනෙකා හමු වූහ.
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ , අගමැති මහින්ද රාජපක්ෂ  යන මහත්වරුද එහි සිටියහ.

( ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා) 



 



අදහස් (18)

අහම්බෙන් හමු වූ මැති-ඇමැතිවරු

Sujeewa Friday, 22 November 2019 11:53 AM

පළමු පින්තුරයේ ඉන්නේ "හිටපු සුවපති" නේද? අනේ ලැජ්ජාවක් නැති හැටි? ජනාධිපතිතුමා සීලාචාර ලෙස කතා කරන්නේ ඔහු සතු මනුෂ්‍ය ගුණාංග හේතුවෙනි. නැත්නම්, මොන කතාද?

:       394       1321

Mahee Friday, 22 November 2019 01:28 PM

මං වෙන තැනක ලිව්වා නඩු හබ නැති කට්ටිය එහෙමත් මට දකින්න ලැබුණා කියලා නම් ලැයිස්තුව කියවද්දී... මෙතන 5 වැනි පින්තූරයේ දකිනකොට මට සන්තෝසේ දරාගන්න බැරුව බිම පෙරළුණා. අනේ රණතුංග මහත්තයත් හිටියා නම් කියලත් හිතුණා. 2 වැනි එකේ ඉන්න ලන්සා මහත්තයා එහෙම දකින්නත් ආසයි අප්පා. ඊළඟ කණ්ඩායමට ගන්නවා ඇති නොවැ කියල අමාරුවෙන් හිත හදාගත්තා.

:       57       439

sirimal Friday, 22 November 2019 02:07 PM

ඔතන ඉන්න දෙතුන් දෙනෙක් කරපු දේවල් වලින් ගොඩ ගිය එක ගැනනම් හිනාවෙන එක සාධාරණයි. නමුත් මේ හිටපු අගමැතිවරයෙකුගේ අවමංගල්‍යයක් පැවැත්වෙන අවස්ථාවක හැසිරිය යුත්තේ නම් මෙහෙම නොවේ.

:       21       107

beau Friday, 22 November 2019 03:52 PM

හාපෝ..!!! ඔය අත්වල කුණු ගාගන්න එපා ජනපතිතුමනි.... අල්ලපු අත්තත් නැති..., පය ගහපු අත්තත් නැති වෙනකොට අම්බලමක් හොයා යන්න. පොහොට්ටුවේ ඉඩ නැත.

:       5       368

Chathuri Friday, 22 November 2019 04:07 PM

මම දන්නේ නැහැ ඇයි කියලා...

:       41       2

බද්රානි Friday, 22 November 2019 05:29 PM

කරුණාකර සෞඛ්‍ය ඇමතිකම ජනාධිපතිතුමා අරගෙන මේ රට දොස්තර මාෆියාවෙන් ගලවා ගන්න. රාජිත සේනාරත්න මහතා ඔය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින මාෆියාව ගැන හොඳින් දන්නා කෙනෙක්. ත්‍රස්තවාදය තරම්ම ජනතාව පීඩාවට පත්ව සිටින එක් ක්ෂේත්‍රයක් තමයි ලංකාවේ සෞඛ්‍ය සේවය. ඒ වගේම ප්‍රවාහන ඇමති ගැන නම් සතුටු වෙන්න බැහැ. ඒ ප්‍රවාහන මාෆියාවත් වඩා ගැලපෙන්නේ ජනාධිපතිතුමාටයි.

:       441       859

SLSaturday, 23 November 2019 05:32 AM

ඔව් එයා දන්නවා ටොන් 7000ක රත්තරන් බර කරත්තෙන් ගෙනෙන්නත් පුළුවන් කියලා..

:       1       21

kamaniSaturday, 23 November 2019 11:14 AM

චතුරගෙන් දේශපාලනය ඉගෙන ගත්ත කෙනෙක් තමයි ගෝඨාභය කියන්නේ. බයවෙන්නේ දැන්ම නොවෙයි... ණය ගෙවන්න වුණාම. එදාට එයාට පෙත්ත ගන්නත් අමතක වෙනවා...!!! 

:       12       12

shan Friday, 22 November 2019 08:14 PM

බලන්නකෝ සජිත් මහත්තයා ආවේ නැහැ නේද? දුකට අඬනවා ඇති....

:       13       58

athula Friday, 22 November 2019 08:32 PM

දැන් අලුත් ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිට අැමැතිකම් දරන්න බැරිබව වත් දන්නේ නැතිද? කොහොම කරත් දුප්පත් දරුවන්ට පාසල්, අපිට බෙහෙත්, පාරවල් වල බස්, මේවා වෙනස්ව එන්නේ කවදාද කියලනේ අහන්න ඕනේ...?

:       2       8

Nishan Saturday, 23 November 2019 12:50 AM

ඔබට දේශපාලන දැනුම මදි. ඔය සුවපති යනුවෙන් ඔබ හදින්වූ ඇමතිතුමා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙත් ප්‍රබල කැබිනට් ඇමැති කෙනෙක්. ඒ ආණ්ඩුව බලයට පත් කරන්න දර දිය ඇද්ද කෙනෙක්... ඔවුන්ට ඒ ඉතිහාසය අමතක කරන්න බැහැ. ඒ කෙසේවෙතත් එතුමා රටට කළ සේවයයි වැදගත්... අලුත් ආණ්ඩුවේ ඇමතිවරු ගණනාවකට වඩා එතුමා ඉදිරියෙන් ඉන්නේ ඒ අතින්...

:       201       78

Bandara Saturday, 23 November 2019 12:53 AM

පළවෙනි කොටුවෙන් පෙනෙන්නේ හිරිකිත දෙයක්නේ...

:       16       147

Warnakulasuriya Saturday, 23 November 2019 02:26 AM

වීරවංශගෙයි, ජෝන්ස්ටන්ගෙයි හමුවීම නියමෙට ගැළපෙන උසස් මට්ටමක ඡායාරූපයක්. කැමරා ශිල්පියාගේ දක්ෂතාවය අගය කළ යුතුයි.

:       0       9

vidya Saturday, 23 November 2019 04:02 AM

අපිට අරව මේවා කීවට, මේ ගොල්ලන් යාලු මිත්‍රයෝ...

:       0       145

k k ranjan amrathilaka Saturday, 23 November 2019 04:51 AM

ගරු ජනාධිපතිතුමනි, සෞඛ්‍ය සේවය... ඒ වගේම ප්‍රවාහන ඇමතිකම ඔබතුමාගේ යටතට ගන්න.

:       1       37

Rabba Saturday, 23 November 2019 05:51 AM

වර්ණකුලසූරිය කතිරෙ ගැහුවේ මොන පැත්තටද කියලා මම දන්නවා.

:       10       107

Sagara nima Saturday, 23 November 2019 08:56 PM

ඔබල සියලු දෙනාම දූපත් රටකට අයත් කුඩා ජනතාවක් එකතු වෙලා වැඩකරන්න, අඩුම වශයෙන් 2050 පොඩ්ඩක් ඉදිරියට එන්න පුළුවන් වේවි

:       0       1

vidya Sunday, 24 November 2019 03:15 AM

දැන්වත් පාර්ලිමේන්තුවේ හරියට හැසිරේවි. නැතිනම් මාස තුන හතරකට පස්සේ ඡන්දෙදි ජනතාව හරි අය පත් කරාවි.

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 83 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 507 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 936 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site