
(ක.ග කරුණාරත්න)
තම ගම්මානවලට වල් අලින්ගෙන් සිදුවන හිරිහැර මැඩලීමට නොපමාව පියවර ගන්නා ලෙස ඉල්ලමින් බකමූණ, අත්තනකඩවල, මඩුදමන, ජඹුරේවෙල, කහටගහපිටිය, දිග්ගල්පිටිය, කිරි වැව, නිකවල, පොකුණුගල ඇතුළු ගම්මාන 15ක පමණ ජනතාව අද (23) උදේ අත්තනකඩවල දී උද්ඝෝෂණයක නිරත වූහ.
බකමූණ - ගිරිතලේ ප්‍රධාන මාර්ගයේ අත්තනකඩවලට රැස්වී එම මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයේ යෙදී සිටි ජනතාව කියා සිටියේ මිනිස් ජීවිත ගණනාවක් ගත වූ මාස කීපය තුළ පමණක් අලින් විසින් බිළිගෙන තිබෙන බවයි.
එම නිසා දිගින් දිගටම සිදුවන මෙම අලි හිරිහැර මැඩලීම සඳහා ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය, වනජීවී දෙපාර්තමේන්තුව ප්‍රමුඛ අදාළ ආයතන වහා මැදිහත්විය යුතු බව ද විරෝධතාකරුවෝ කියා සිටියහ.
මහජනතාව ලී කොට ආදිය දමා මාර්ගය අවහිර කොට උද්ඝෝෂණයේ නිරත වූ හේතුවෙන් ගිරිතලේ - බකමූණ ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනයට දැඩි ලෙස බාධා එල්ල වූ බව පොලිසිය සඳහන් කළේය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාරවල් වසා මහා ජනතාවට හිරිහැර නොකර හිටපු සහ ඉන්න දේශපාලුවන්ගේ ගෙවල් වැටලුවානම් හොදයි නේද?