මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සියලුම අපෙක්ෂකයන් එකම වේදිකාවකට ගෙන එමින් ඔවුන් ඉටුකිරීමට බලාපොරොත්තු වන ප්‍රතිපත්ති පිළිබඳ අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසමින් සහ මහජන ගැටළු සඳහා ඔවුන්ගෙන් පිළිතුරු ලබාදීමට අවස්ථාව සලසමින් මාර්තු 12 ව්‍යාපාරය විසින් සංවිධානය කළ මහජන වෙිිදිකා වැඩසටහන කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී අද(05) සවස පැවැත්විය.
මෙම අවස්ථාවට ජනාධිපති අපේක්ෂකයන් වන අමාත්‍ය සජිත් පේමදාස, අනුර කුමාර දිසානායක, ජෙනරාල් මහේෂ් සේනානායක, අජන්තා පෙරේරා, දුමින්ද නාගමුව, රොහාන් පල්ලෙවත්ත, සරත් මනමෙිින්ද්ර, සිරිතුංග ජයසූරිය, ආරියවංශ දිසානායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. මාර්තු 12 ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටු සාමාජිකා සාමදානී කිරිවන්දෙණිය මහත්මිය විසින් මහජන වෙිිදිකාව මෙහෙයවනු ලැබීය.





ඡායාරූප චතුර එස් .කොඩිකාර
COMMENTS
ඉතාමත් හොඳ දෙයක්... මෙය ඉදිරියටත් පවත්වාගෙන යා යුතුයි. ඒ වගේම මැතිවරණ කොමිසමේ අවසර ඇතිව සියලුම රුපවාහිනී නාලිකාවලින් සජීවීව විකාශය කළ යුතුයි.
පොහොට්ටුවේ අපේක්ෂකයා ආවේ නැත්තේ ඇයි? මෙහෙම මගෑරලා ගියොත් මිනිස්සු හිතයි මුහුණ දෙන්න බයේ ආවේ නැහැ කියලා. කොලේ බලාගෙන කියන්න දෙන්න කියලා සංවිධායක කමිටුවෙන් අවසර අරගෙන හරි එන්න.
මේක ඇමරිකාවේ සිදුකරන දෙයක් . නමුත් වසර ගානක් ඇමරිකාවේ හිටපු කෙනා මොකද ආවේ නැත්තේ ?
භය ගෝඨා... කියලා නම වෙනස් කරමු.
කෝ අපේ ගෝඨාභය මැතිඳුන්? අසනීපෙන්වත්ද? ඉක්මනට සිංගප්පූරුවට ගිහින් සනීප වෙලා එන්න. ඇවිත් කොහොම හරි ඊළඟ වැඩසටහනටවත් සහභාගී වෙන්න. මේ ජෙප්පෝ අපිට කින්ඩිය දානවා ඔබතුමා සංවාදෙට ආවේ නැහැ කියලා...
කතාවට වැඩිය හොඳයි ක්‍රියාවෙන් ඔප්පුකර පෙන්වීම...
මෙය තමයි ප්රජාතන්ත්රවාදය කියන්නේ. ගෝඨාභයවත්, මහින්දවත් මේවගේ වැඩසටහන්වලට එන්න තරම් හැකි පුද්ගලයන් නෙමෙයි. මේ ගොල්ලන් මග අරිනවා. කෝ නාගානන්ද? හැලිලද? ගෝඨා හොඳම අවස්ථාව නැතිකර ගත්තා. දැන් ඉතින් සාස්තරකාරයන් පස්සේ ගිහින්... ඉන්දියාවේ දේවාල ගානේ තමයි යන්න වෙන්නේ...
ගෝඨා මහත්තයා ඔබ මෙතන ආවේ නැතුවට කමක් නෑ.ඔබ රට ගිහිල්ලා කරගත යුතු වැඩ ටිකට මේ වෙලාවෙ මුල්තැන දෙන්න. අපි දන්නා තරමින් ඔබ කටින් බතල කොළ නොහිටවන, කතා අඩු, හරි වැඩ කොටස වෙලාවටත් කලියෙන් කරන අයෙක්.
හොද දෙයක ආරම්භයක්. දේශපාලන නායකයෝ ලෙස බුද්ධිමත් අය එදිරිපත් කළ යුතුයි. තමන්ගේ ප්‍රතිපත්ති කියන්නේ නැතුව අනෙක් පක්ෂ වලට මඩ ගහන අනෙක් පක්ෂ වල අර්බුධ නිසා දිනන්න පුළුවන් කියන තුට්ටු දෙකේ කතා අහල එපාවෙලා. ඡන්දෙට එන්නේ මේ රට බොහෝ කාලයක් පාලනය කරපු පක්ෂ.ඒ උනාට රට තියෙන තැන කොතනද? අනාගතයේ අපේ දරුවන්ට හොද රටක් බිහි කරන්න.
ගෝඨා අවේ නැත්තේ වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි. ඡන්දෙට ඉදිරිපත් වෙන්න ලැබෙයිද කියලා තාම දන්නේ නැති නිසා. මොකද එන්.ජී.ඕ නඩේ තාම උත්සාහ කරන්නේ කරන්නේ ගෝඨව හිර කරන්න.ඉතින් එතුමාගේ අදහස් මෙතෙන්ට වැඩක් නැහැ කියලා තමා ගෝඨා හිතන්නේ.
ලොව දියුණු රටවල් වල වගේ මෙවැනි දෙයක් පළමු වරට හරි පටන් ගැන්ම අගය කරනවා. ජනපතිවරණයට පෙර තෙවතාවක්වත් සියලු අපේක්ෂකයන් අතර විවාදයක් ස්වරුපයෙන් මෙය පැවැත්විය යුතුයි.
උත්තර කොළේක ලියාගෙන එන්නයි ලියල දුන්න ප්‍රශ්න පමණක් අහන්නයි සංවිධායක කමිටුවෙන් අවසර අරගන්න පුළුවන් උනානම් බය නැතිව එන්න තිබ්බා. නමේම බය කොටලා ඇති කෙනාට. උසාවි ගැනයි සොහොන් ගැනයි අහන්න තහනම් කළා නම් බය නැතුව එනවා.
නාගානන්ද කොඩිතුවක්කු කැපුනද? කැපුවද?
ගොන් අලි පැටියයි. රතු අලි පැටියයි.එකම ගාලේ.
බලය ගන්න තිබෙනා උනන්දුව ඇග පුරා අපේ......ලැබුනට පසුව නැහැ කෙරුමට වැඩ හිතේ අපේ....
ප්‍රශ්න අහන එකයි උත්තර දුන්න එකයි ඉතින් අපේ දේශපාලන ඉතිහාසේ පුරාම සිද්ධ උන දෙයක්නේ. ප්‍රශ්නේ තියෙන්නේ මේ දේශපාලකයෝ උත්තර දුන්න විදියටම වැඩ සිද්ද නොවුන එක. කතා නෙමේ අපිට ඕන වැඩ කරලා පෙන්නන නායකයෙක්.
මේ වේදිකාවේදී කළ යුත්තේ එකිනෙකට අවලාද කරගැනීම නොවේ.තමන්ගේ ප්‍රතිපත්ති සහ ඉදිරි වැඩපිළිවෙල සමාජගත කිරීමයි.නමුත් අනුර සහෝදරයා සහ සජිත් ප්‍රේමදාස තමන්ගේ සියලු කතාවලින් අනෙක් අපේක්ෂකයාට මඩගැසීම හැර වෙන දෙයක් කරනවා පෙන්නේ හරිම අඩුවෙන්.
කෝ ඉතින් 41ක් මෙතන නැහැනේ...
දේශපාලන රැස්වීම තහනම් කර සෑම තරගකරුවෙකුටම සියලුම රූපවාහිනි නාලිකාවල හා සමාඡ ජාලාවල සමාන ගුවන් කාලයක් ලබාදීමට මැකෝ කටයුතු කරන්නේ නම් එය මහජනතාවට කරන මහඟු සේවයකි. අප එසේ පවසන්නේ මාර්ග අවහිරවීම් මිනිසුන්ගේ වටිනා කාලය, මිලමුදල් නාස්තිය දේපළ නාස්තිය වැනි එකී මෙකීනොකී නාස්තින් වළක්වාගත හැකි නොවේද? විශේෂයෙන් මහජනතාවට අවහිර වෙන ලෙස මහජන නියෝජිතයන් යයි කියාගන්නා රිලවුන් මාර්ග අවහිර වෙන ලෙස නිලමැස්සන් සමග ගමන්කිරීම "යකඩ කටවල් වලින් නැගෙන මරලතෝනි", පරිසරය විනාශ වෙන පරිදි කරන්නාවූ සැරසිලි, හැලිවඳුරන්ගේ මුහුණු සහිත විශාල ඡායාරුප වැනිදේවල් වළක්වාගත හැකි නොවේද? මෙවැනි දෑ සඳහා යන වියදමි ඉතිරි කර එම මුදල්වලින් ආර්ථිකයට සහනයක් එනම් බඩුමිල අඩු කිරීම් වැනි දෑ සිදුකළ හැකි නොවේද?