(ශාන්ත රත්නායක )
අන්තර් විශ්වවිද්‍යාල භික්ෂූ බලමණ්ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමි, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර හා වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් යන තිදෙනා නිදහස් කරන්නයි ඉල්ලා අද(26) අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය කොළඹ කොටුවේදී නිහඬ විරෝධතාවයක යෙදුණේය.
එහිදී සිසුහු කළු මුහුණු ආවරණ බැඳ විරෝධයට එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඈ.....ළමයිනේ!...සිල්රෙදි හොරකම, අර මහා බැංකු කොල්ලයටත් වඩා ලොකුද ? ඒ අය ඔය නිදැල්ලේම ඉන්නේ ....
අනේ ඇත්තට මේ අයට දෙමව්පියන් නැත්ද? මේ විදියට පාරක් පාරක් ගානේ තමුන්ගේ ළමයින් රස්තියාදු ගහනකොට මේ ගැන හොයලා බලන්න මේ අයගේ දෙමව්පියන්ට වුවමනාවක් අවශ්‍යතාවයක් නැත්ද? නොමිලේ දෙන අධ්‍යාපනය ලබාගෙන තමාටත්, රටටත් වැඩදායි මිනිහෙක් වෙන්න කියලා දෙන්න. සයිටම් ප්‍රශ්නේ කිය කියා දේශපාලන අතකොලු වෙලා පාරට වෙලා හිටියම කාටද පාඩු?
නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ගන්න නොදන්නා මේ විදීයේ මෝඩ රැලක් ඉන්නේ ලංකාවේ විතරද. මේගොල්ලන්ට මහපොළ වගේ ඒවායෙන් මුදල් දෙන්න තියෙන්නේ උපාධියේ නීත්‍යානුකූල කාලසීමාවට විතරයි. මේ වගේ අනුන්ගේ ප්‍රශ්න වලට ජවුසන් නටන කාලවලට සතයක්වත් වැඩිපුර දෙන්න නරකයි. මොකද මේවා රටේ සල්ලි. උසස් අධ්‍යාපන ඇමති තුමාගේ දැනගැනීම පිණිසයි.
අනේ අපේ ළමයි මොතරම් අමාරුවෙන්ද සරසවියට යන්නේ ......ගියපු දවසේ ඉදල ඒ දරුවන් අන්තරේ, පෙරටුගාමී, අනෙකුත් දේශපාලන සංවිධාන ඒ දරුවන් ඉත්තෝ වසයෙන් යොදාගන්නවා. වයස යනවා.ඉගැනුමක් නැත.මේ සිසුන් පාරට බස්සන වුන්ට සාපවේවා ! සල්ලි තිබෙන අය දරුවන් පිටරට අරිනවා. අසරණ අපේ දරුවන්ට කගේ පිහිටද?