IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අධි තාක්ෂණික නෞකාවක් ඉන්දියාවෙන් කොළඹ වරායට

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් ඉන්දීය ගෝව නැව් තටාකාංගණයේ නිෂ්පාදනය කරන ලද ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව අද (28) කොළඹ වරායට සේන්දු විය. නාවික සම්ප්‍රදායානුකූල චාරිත්‍ර අනුව නාවික හමුදාව විසින් නෞකාව පිළිගන්නා ලදී.
 
නවීන යුද නෞකාවක් වන මෙය ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට අලුතින්ම මිලදී ගත් ප්‍රථම අධි තාක්ෂණික නෞකාව ලෙස සනිටුහන් වනු ඇත.
 
නෞකාවේ මෙහෙයුම් සහ යාත්‍රා හැකියාව පරීක්ෂා කිරිමට එය මෙරට බලා යාත්‍රා කිරීමට ප්‍රථමයෙන් පරීක්ෂක ගමන්වාර සහ අත්හදා බැලීම් කිහිපයක් සිදු කර ඇත. 
 
නෞකාවේ නිෂ්පාදන කටයුතු සම්පූර්ණයෙන් අවසන් වන විට එහි පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 66.55 ක් වනු ඇත.
 
පසුගිය ජූලි 22 වැනි දා මෙම නෞකාව නිල වශයෙන් නාවික හමුදාවට භාර දීමේ උත්සවය, ඉන්දියාවේ ශ්‍රි ලංකා මහ කොමසාරිස්වරිය ලෙස කටයුතු කරන චිත්‍රාංගනී වාගිෂ්වර මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඉන්දියාවේ ගෝව නැව් තටාකාංගණයේදී සිදු කැරිණි.



අදහස් (7)

අධි තාක්ෂණික නෞකාවක් ඉන්දියාවෙන් කොළඹ වරායට

sachith Friday, 28 July 2017 09:53 AM

ඕකටත් ඉන්දියන් වාහන වගේම ගත්ත දවසේ ඉඳලා කෑලි මාරු කරන්න වෙයිද දන්නෑ....

:       330       662

raveendraFriday, 28 July 2017 11:21 AM

කියන්න බැහැ මොකද ඔය කට්ටිය වෙළදාමේ අතිදක්ෂයෝ...

:       2       13

samanFriday, 28 July 2017 01:28 PM

මෝදි මහත්තයාගේ හෙලිකොප්ටරේ වගේ වෙයිද දන්නේ නෑ

:       0       102

janatha anura Friday, 28 July 2017 02:49 PM

කෙසේවෙතත් ඉන්දියානුවන් (අපිත් අයත් වන්නේ එම කොටසට) අතින් නිමවුණ නැවක් ඔවුන් වෙනුවෙන් ඉඳිකටුවක් වත් නිර්මාණය නොකළ අපිට පුර්වාදර්ශයක්....

:       1       29

lal Saturday, 29 July 2017 01:08 AM

අධි තාක්ෂණික?..ඉන්දියාවෙන්???..මාර විහිලුවක් නොවැ..

:       0       100

raveendraSaturday, 29 July 2017 06:45 AM

කලබල වෙන්න එපා... අපිට සාපේකෂව අධිතාක්ෂණය ගැන තමයි මේ හාදයෝ කතාකරන්නේ....

:       0       0

රවින් Sunday, 30 July 2017 04:53 PM

මරුටි, ත්‍රි වීල්, ටාටා, අශෝක් ලේලන්ඩ් එකක ගියපු නැති උන්දෝ කොහෙද. බලාගෙන සමහරක් වෙලාවට අපිටත් හදිස්සියකදී යන්න වෙන්නේ 1990 තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 115 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site