(අජන්ත කුමාර අගලකඩ)
ඕනෑම මොහොතක ඡන්දයක් ආ හැකි බැවින් ඊට සූදානම් වන්නැයි ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා ශ්රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකයින්ට දැනුම් දී ඇත.
ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා නේපාලයේ පැවැති බිම්ස්ටෙක් සමුළුව ඇමැතීමට දිවයිනෙන් පිටත්ව යාමට පෙර ඉකුත් අඟහරුවාදා (28) රාත්රියේ කොටුව ජනාධිපති මන්දිරයේ දී ශ්රීලනිප ආසන සංවිධායකයින් හමුවූ අවස්ථාවේ මෙම දැනුම් දීම කර ඇතැයි වාර්තා වේ. පක්ෂයේ ප්රතිසංවිධාන වැඩපිළිවෙළ හා 67 වැනි සංවත්සරය සම්බන්ධයෙන් ද එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.
ආසන සංවිධායකවරුන්ගේ එම රැස්වීමට ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්රිලනිප 16 කණ්ඩායමෙන් සුමේධා ජී. ජයසේන මහත්මිය පමණක් සහභාගි වූ බව ද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd