(දයාසීලි ලියනගේ)
විශ්‍රාමික මන්ත්‍රීවරුන් හා මියගිය මන්ත්‍රීවරුන්ගේ බිරින්දෑවරුන් සඳහා විශ්‍රාම වැටුප් හා දීමනා වශයෙන් පසුගිය ජූනි මාසයේදී වැය කර ඇති මුදල රුපියල් එක්කෝටි අසූ අට ලක්ෂ හත්දහස් නවසිය හැට එකයි ශත අසූ අටක් බව පාර්ලිමේන්තුව සඳහන් කරයි.
විශ්‍රාමික මන්ත්‍රීවරුනට විශ්‍රාම වැටුප සඳහා පසුගිය ජූනි මාසයේදී රුපියල් 71,11,525.72ක මුදලක්ද දීමනා සඳහා රුපියල් 47,10,300ක මුදලක්ද වැය කර ඇත.
වැන්දඹුවන්ට විශ්‍රාම වැටුප සඳහා රුපියල් 56,08,536ක මුදලක්ද, දීමනා සඳහා රුපියල් 13,77,600ක මුදලක්ද වැයකර ඇතැයි පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරි විසින් සඳහන් කර තිබේ. තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඉරිදා ලංකාදීපය මගින් කරන ලද විමසීමකදී මෙම තොරතුරු ලබාදී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd