(දයාසීලි ලියනගේ)
මේ වසර මැද භාගය වෙනවිට රටේ ජනතාවගෙන් සියයට 70 කට කොරෝනා වසංගතයෙන් වැළකීමේ එන්නත ලබාදීමට හැකිවෙන බවට වෛද්‍ය අංශ මත පළකර ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානය රටේ ජනතාවගෙන් සියයට 20 කට හා ආසියානු සංවර්ධන බැංකුව සහන ණය පදනම මත සපයන ඇමෙරිකානු ඩොලර් මිලියන 184ක මුදලක් යටතේ මෙලෙස සියයට 70ක පිරිසකට එන්නත ලබාදීමට හැකිවනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීය.
දැනට අපේ රටේ ඇති ආර්ථික හැකියාව හා පහසුකම් මත ඔක්ස්ෆර්ඩ් එන්නත ගැන වැඩි අවධානයක් දක්වන බව ප්‍රකාශ කළ වෛද්‍ය අලුත්ගේ මහතා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා මගින් ඉක්මන් ක්‍රියාමාර්ග ගත හැකි බව ද කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd