
(අජන්ත කුමාර අගලකඩ)
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉන්දියාවට බදුදීමේ සාකච්ඡා තාවකාලිකව ඇණහිට ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සඳහා ඉන්දියාව ඉදිරිපත් කළ තක්සේරු වටිනාකමට වඩා වැඩි වටිනාකමක් රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර තිබීම ඊට හේතු වී ඇති බව පැවැසේ.
රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ තක්සේරු වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 380ක් ලෙස නියම කර ඇති අතර ඉන්දියාව ඉදිරිපත් කර ඇති තක්සේරු වටිනාකම ඩොලර් මිලියන 230ක් පමණ වන බව දැනගන්නට ඇත.
මේ තත්ත්වය තුළ මත්තල ගුවන්තොටුපොළ ඉන්දියාවට බදුදීම තරමක් ප්‍රමාද වන බවද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd