රජයේ වෛද්‍ය නිලධාරීන් අනතුරු අඟවයි
(දයාසීලි ලියනගේ)
කොරෝනා දෙවැනි රැල්ලක් ව්‍යාප්ත විය හැකි අවදානම් ස්ථාන හතරක් පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයට අනතුරු අඟවා ඇත.
පොදු මගී ප්‍රවාහන සේවාවන් වූ බස්රථ හා දුම්රිය සේවාව, ගුවන් තොටුපොළ, පාසල් හා මැතිවරණ සමය අවදානම් ස්ථාන හතර වශයෙන් පෙන්වා දුන් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක හරිත අලුත්ගේ මහතා කීය.
විශේෂයෙන් පොදු ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක වීමේදී දුරස්ථභාවය පිළිබඳ කිසිදු අවධානයක් නොදක්වන බව පෙනී ගොස් ඇති බැවින් කොරෝනා දෙවැනි රැල්ලක් ආරම්භ වීමට ඇති ඉඩකඩ බොහෝසෙයින් ආසන්න බව ද ඔහු ප්‍රකාශ කළේය.
කොරෝනා මර්දනය කළ රටවල් අතරින් ශ්‍රී ලංකාව මූලික ස්ථානයට පත්වී තිබෙන්නේ ඒ සඳහා දැක්වූ කැපවීම නිසා බව ප්‍රකාශ කළ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කොරෝනා දෙවැනි රැල්ලක් ඇති නොවීම සඳහා ද කැපවීමක් අවශ්‍ය බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලන න්‍යාය පත්‍රයක් ඇති බැවින් GMOA යනු කුමක්දැයි අප විශ්වාස කළ යුතු නැත.