ඡන්දය පවත්වා මාස 15 යි
(අජන්ත කුමාර අගලකඩ)
පාර්ලිමේන්තුවේ හිටපු මැති ඇමතිවරුන් තිහකට (30) ආසන්න පිරිසකට මාස පහළොවක් පමණ තිස්සේ ප්‍රභූ ආරක්ෂාව ලබා දෙමින් තිබෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
පාර්ලිමේන්තුවේ හිටපු ඇමැතිවරුන්ට, හිටපු මන්ත්‍රීවරුන්ට අමතරව, හිටපු ආණ්ඩුකාරවරුන් පිරිසකට ද මෙලෙස ප්‍රභූ ආරක්ෂාව ලබා දී ඇතැයි වාර්තා වේ.
ඉකුත් වසරේ අගෝස්තු මාසයේ පැවති මහ මැතිවරණයේ දී පරාජයට පත්වූ මෙම මැති ඇමැතිවරුන් පිරිසට ප්‍රභූ ආරක්ෂකයන් දෙදෙනා බැගින් ලබා දී ඇති අතර, එම පිරිස ප්‍රධාන දේශපාලන පක්ෂවලට අයත් අය බව ද දැනගන්නට ඇත.
මේ අතර, නගර සභාවක හිටපු සභාපතිවරයකුට ද වසර කිහිපයක් තිස්සේ ප්‍රභූ ආරක්ෂාව ලබා දී ඇති අතර, ඔහුගේ ආරක්ෂකයන් දෙදෙනා ඉවත් කර ඇත්තේ පසුගිය සතියේ බව ද දැන ගන්නට තිබේ.
හිටපු මැති ඇමැතිවරුන්ට මෙලෙස ප්‍රභූ ආරක්ෂාව ලබා දීම සම්බන්ධයෙන් ඉකුත් බදාදා පාර්ලිමේන්තුවේ පැවති මහජන ආරක්ෂක අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ දී ද මන්ත්‍රීවරුන් පිරිසකගේ විරෝධය පළවී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුපෙළ නියෝජනය කරන, ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ද එම උපදේශක කාර්ය සභා රැස්වීමේදී මේ සම්බන්ධයෙන් දිගින් දිගටම ප්‍රශ්න කර ඇති අතර, හිටපු මැති ඇමතිවරුන්ට මේ ආකාරයෙන් ප්‍රභූ ආරක්ෂාව ලබා දෙන්නේ කුමන පදනමකින්ද යන්න ඔහු විමසා ඇතැයි දැනගන්නට ඇත.
2025 දෙසැම්බර් මස 18
495
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිටපු මැති ඇමැතීන් තිහකට තවමත් ප්‍රභූ ආරක්ෂාව