IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


සාකච්ඡා වට කීපයක් තියලා ශ්‍රීලනිප-පොහොට්ටු භාරකාර ආණ්ඩුවක් ?

ඒකාබද්ධ මන්ත්‍රීන්ගේ විශේෂ රැස්වීමක් අඟහරුවාදා

(අජන්ත කුමාර අගලකඩ)  

දිනෙන් දින උග්‍රවෙමින් පවතින ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ඒකාබද්ධ විපක්ෂයත් මුල් වී භාරකාර ආණ්‍ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා පවත්වමින් තිබෙන බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් ඒකාබද්ධ විපක්ෂයේත් කණ්ඩායම් දෙකක් ගිය සතියේ ද අවස්ථා කීපයකදීම රැස්වී මේ පිළිබඳව සාකච්ඡා කර ඇතැයි එම ආරංචිමාර්ගවලින් පැවැසේ.  

ඇති වී තිබෙන ආර්ථික අර්බුදයට මුහුණදීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ඒකාබද්ධ විපක්ෂයත් මුල්වී භාරකාර ආණ්ඩුවක් කෙටි කාලකට පිහිටුවා ගෙන, ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සඳහා මහ මැතිවරණයකට යාම සුදුසු බව සාකච්ඡාවලට එක්ව සිටින දෙපාර්ශ්වයේම අදහස වී ඇතැයි ද වාර්තා වේ.  


දිනෙන් දින උග්‍රවෙන ආර්ථික අර්බුදය හමුවේ, සියලු බේද පසෙකලා රට ගැන සිතා දෙපාර්ශ්වය එක්විය යුතු බව ඔවුන් පෙන්වා දී ඇතැයි ද දැනගන්නට තිබේ. මේ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පවුලේ සමීපතමයකු හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ සමීපතමයකු ඉකුත් බදාදා රාත්‍රියේ මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බවට ද වාර්තා විය.   


මේ අතර භාරකාර ආණ්ඩු යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා (9) රාත්‍රී 7.00ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ නිවසේ දී පැවැත්වේ.


ශ්‍රීලනිප හා ඒකාබද්ධ විපක්ෂය මුල්වී භාරකාර ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවට යෝජනාවක් ආණ්ඩුවෙන් ඉවත් වූ 15 දෙනාගේ කණ්ඩායමේ එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා හිටපු ජනාධිපතිවරයා වෙත ඉකුත්දා ඉදිරිපත් කර තිබිණි. ඒ අනුව අනිද්දා පැවැත්වෙන ඒකාබද්ධ විපක්‍ෂයේ විශේෂ රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගනු ඇතැයි වාර්තා වේ.


මෙම රැස්වීමට සහභාගි වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒකාබද්ධ විපක්‍ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට පෙරේදා (05) ලිපි මගින් දැනුම් දී ඇත.

 



අදහස් (0)

සාකච්ඡා වට කීපයක් තියලා ශ්‍රීලනිප-පොහොට්ටු භාරකාර ආණ්ඩුවක් ?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 58 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 894 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2522 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site