IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ශ්‍රීලනිප ආණ්ඩුවකට එකඟතාවක්

 

(අජන්ත කුමාර අගලකඩ)  
ඒකාබද්ධ විපක්ෂයේ සහාය ඇතිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා දිනේෂ් ගුණවර්ධන හා සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඒකාබද්ධ විපක්ෂය අතර සිකුරාදා (16) පැවැති සාකච්ඡාවේදී තීරණය වී ඇත.  

ජනාධිපතිවරයා සහ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති නිල නිවසේදී පෙරේදා (16) දහවල් පැවැති අවස්ථාවේ මෙම තීරණය ගෙන ඇත.  


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ජනාධිපතිවරයාට අමතරව නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා හා නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල යන මහත්වරු සහභාගි වී ඇති අතර ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ගාමිණී ලොකුගේ, සී.බී. රත්නායක, කුමාර වෙල්ගම යන මහත්වරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය එම සාකච්ඡාවට සහභාගි වූහ.  


ශ්‍රීලනිපය රජයක් පිහිටු වන්නේනම් තනතුරු, වගකීම් බාර නොගෙන සහාය දක්වන බව ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බව වාර්තා වේ.  


එහිදී ජනාධිපතිවරයා අදහස් දක්වමින් ඒකාබද්ධ විපක්ෂයට ආණ්ඩුවේ ඇමැතිධුර කීපයක් බාර ගන්නැයි ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.  


එහෙත් ඊට එකඟතාවය දක්වා නැති ඒකාබද්ධ විපක්ෂය තමන්ගේ අපේක්ෂාව මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීම වුවද, ජනාධිපතිවරයාට එය ඉටු කළ නොහැකි නිසා එවැනි ඉල්ලීම් නොකරන බව ප්‍රකාශ කර අැත.  


යෝජිත ආණ්‍ඩුවේ ඇමැතිධුර බාර නොගන්නේ නම් කතානායකධුරය බාර ගන්නැයි ජනාධිපතිවරයා ඉල්ලීමක් කළ බවත්, ඒ පිළිබඳ සාකච්ඡා කර පසුව දැනුම් දෙන බවත් ප්‍රකාශ කර ඇත.  


ඒ අනුව මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කිරීමට අදාළ කමිටුව පත් කර ඇත.  


ඒ අතර ජනාධිපතිවරයා ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා කිරීමට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැති කණ්‍ඩායම සමග ද සාකච්ඡා කර ඇති අතර, එම සාකච්ඡාවේ දී මුලික වූ කරුණු සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී දැනුම් දී ඇතැයි වාර්තා වේ.  


මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතරය ලබාගැනීම සඳහා අත්සන් ලබාගැනීමේ කටයුතු සිකුරාදා හවස වන තුරුත් පැවැති බව දැනගන්නට ඇත.   

 



අදහස් (0)

ශ්‍රීලනිප ආණ්ඩුවකට එකඟතාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 640 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site