IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


විශ්වාසභංගයට පෙරමුණු දෙකෙන් මෙහෙයුම් දෙකක්

(අජන්ත කුමාර අගලකඩ)   

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී ජයග්‍රහණය කරවීමට සහ පරාජය කිරීමට දේශපාලන මෙහෙයුම් දෙකක් මේ වනවිට ආරම්භ වී තිබේ.

විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරවීමේ මෙහෙයුමට ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් හා ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් කිහිප දෙනකු මූලිකත්වය ගෙන ඇති අතර විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමේ මෙහෙයුමට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් මූලිකත්වය ගෙන ඇත. 


විශ්වාසභංග යෝජනාවට සහාය ලබා ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් හා ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප ඇමැතිවරුන් කිහිප දෙනකු අතර සාකච්ඡා වට කිහිපයක්ම බොරැල්ල, බත්තරමුල්ල සහ නුගේගොඩ යන ප්‍රදේශවල පිහිටි දේශපාලනයට සම්බන්ධ කිහිප දෙනකුගේ නිවෙස්වල ගිය සතියේ පැවැති බව වාර්තා විය.


මෙම පිරිස විශ්වාස භංග යෝජනාව ජයග්‍රහණය කරවීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුගේ සහාය ලබාගන්නා ආකාරය සම්බන්ධයෙන්ද එම සාකච්ඡාවලදී කතාබහට ලක් කර ඇති බව දැන ගන්නට ඇත.


මෙම මෙහෙයුම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ හා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම් දෙක බැගින් කණ්ඩායම් හතරක් පත්කර ඇති බවද වාර්තාවේ. 


මේ අතර එක්සත් ජාතික පක්ෂය මෙම විශ්වාස භංග යෝජනාව පරාජය කිරීම සඳහා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් කිහිප දෙනකුගේ සහ දෙමළ ජාතික සන්ධානයේ ද සහාය ලබා ගැනීම වෙනුවෙන් දැඩි උත්සාහයක යෙදී සිටින බව දැන ගන්නට ඇත.


ඒකාබද්ධ විපක්ෂය සමග දේශපාලන සම්බන්ධතා නොපවත්වන ශ්‍රීලංකා නිදහස් පක්ෂ මැති ඇමැතිවරුන් කෙරෙහි එජාපයේ වැඩි අවධානය යොමුවී ඇති බවද දේශපාලන ආරංචි මාර්ගවලින් පැවැසේ. ඒකාබද්ධ විපක්ෂය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කතානායකවරයා වෙත ඉකුත් බදාදා භාරදුන් අතර එය ලබන මස 4 වැනිදා විවාදයට ගැනීමට පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් දැනටමත් තීරණය කර ඇත.


විශ්වාස භංග යෝජනාව පරාජය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඉකුත් බ්‍රහස්පතින්දා රැස්වී සාකච්ඡා කළ අතර අගමැතිවරයාට සහාය පළ කරමින් එජාප මන්ත්‍රීවරුන්ගේ අස්සන් ලබා ගැනීම ආරම්භ වූයේද එම සාකච්ඡාවේදී ගනු ලැබූ තීරණයකට අනුවය. 



අදහස් (0)

විශ්වාසභංගයට පෙරමුණු දෙකෙන් මෙහෙයුම් දෙකක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 695 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site