IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


රටපුරා බඩු බෙදන්න ආණ්ඩුවෙන් සැලැස්මක්

(දයාසීලි ලියනගේ)  

ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙන කාලයේදී රටේ ජනතාව වෙත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස්වලටම ගෙන ගොස් බාරදීම සඳහා රජයේ නිලධාරීන්ට වගකීම් පැවරීමට රජය තීරණය කර ඇත.  

ඒ අනුව සෑම දිස්ත්‍රික්කයකම දිස්ත්‍රික් ලේකම්වරුනට ඒ ඒ දිස්ත්‍රික්කවල ජනතාවට අවශ්‍ය ආහාර සැපයීමේ වගකීම පැවරීමට හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු අත්‍යාවශ්‍ය ආහාර බෙදාහැරීමේ ජනාධිපති කාර්ය සාධක බළකාය ඊයේ (25) වැඩිදුරටත් සාකච්ඡා කර ඇත.  

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීම සඳහා එම ආහාර ද්‍රව්‍ය සොයාගැනීම බරපතල ප්‍රශ්නයක් බව හිටපු ඇමති සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීම පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා කීය.  


මෙරටට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදෙන රටවල් ගණනාවක් මේ වනවිට ඔවුන්ගේ අපනයනයන් අත්හිටුවා ඇති නිසා මෙරට ආහාර ද්‍රව්‍ය ගැන විශේෂ අවධානය යොමු කිරීමට සිදුවී ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය. 


මෙම සාකච්ඡාවට බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍යංශ ලේකම්වරු ඇතුළුව මහා පරිමාණයේ වෙළෙඳශාලා හිමියන්ද සහභාගිවී තිබුණි.  


එහිදී භාණ්ඩ බෙදාහැරීම සඳහා ඒ ඒ ප්‍රදේශවල ත්‍රිරෝද රථ සහ ලොරි රථ යොදාගැනීමට දිස්ත්‍රික් ලේකම්වරයාට බල පවරා ඇති අතර රුපියල් 1500 ක වටිනාකම ඇති ආහාර මල්ලක් රුපියල් 1300 ක මුදලකට අලෙවි කරන ලෙසට ද මෙහිදී උපදෙස් දී ඇත. මෙම ආහාර බෙදාහරින පෞද්ගලික වාහනවලට මුදල් ගෙවිය හැකි ආකාරය ද සලකා බලන ලෙසට ද දැනුම්දී ඇත.  


මැතිවරණ ඡන්ද පත්‍රිකා නිවෙස්වලට බෙදාදෙන ආකාරයට සෑම නිවසකටම ආහාර මල්ල ලබාදිය යුතු බවට ද මෙහිදී තරයේ උපදෙස් දී ඇත.  

 



අදහස් (0)

රටපුරා බඩු බෙදන්න ආණ්ඩුවෙන් සැලැස්මක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 688 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site