(අජන්ත කුමාර අගලකඩ)
ලබන ජුනි මස 20 වැනිදා පැවැත්වීමට නියමිත මහමැතිවරණය ලබන ජූලි මස අග පමණ දක්වා කල්යනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචිමාර්ග සඳහන් කරයි.
මහමැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ගේ මනාප අංක මෙතෙක් ප්‍රකාශයට පත්නොකිරීමත්, මහමැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර ඇති පෙත්සම් සම්බන්ධයෙන් තීරණයක් ලැබෙනතෙක් මැතිවරණය පිළිබඳ තීන්දු නොගැනීමත් නිසා මෙසේ මැතිවරණය කල්යනු ඇතැයි පැවැසේ.
අපේක්ෂකයන්ගේ මනාප අංක ඉකුත් 12 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට කලින් සැලසුම් කර තිබුණද ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම් හෙට (18) සහ අනිද්දා (19) දෙදින සලකා බැලෙන බැවින් මනාප අංක නිකුත් කිරීම පසුව සිදුකිරීමට එදින රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබිණි.
මනාප අංක නිකුත් කර සති 5 ත් සති 7 ත් අතර දිනයක මැතිවරණය පැවැත්විය යුතුව ඇති බැවින්, කලින් නියම කර තිබූ පරිදි ජුනි 20 වැනිදා මැතිවරණය පැවැත්විය නොහැකිවනු ඇත.
එබැවින් මැතිවරණය ලබන ජූලි මස අග පමණ දක්වා කල්යනු ඇතැයි වාර්තාවේ.
පාර්ලිමේන්තුව ඉකුත් මාර්තු මස 2 වැනිදා ජනාධිපතිවරයා විසින් විසුරුවා හරිනු ලැබූ අතර ඒ පිළිබඳ ඡන්ද විමසීම අප්‍රේල් මස 20 වැනිදා සිදුකිරීමට දින නියම කර තිබිණි.
එහෙත් කොරෝනා වයිරසය පැතිරයාම හේතුවෙන් මැතිවරණය දින නියමයක් නොමැතිව කල්දැමීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළ අතර ඉකුත් අප්‍රේල් මස 30 වැනිදා රැස්වූ කොමිෂන් සභාව මැතිවරණය ජුනි මස 20 වැනිදා පැවැත්වීමට තීරණය කළේය.
එසේ වුවද, මනාප අංක මෙතෙක් නිකුත් නොකිරීමත් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකර ඇති පෙත්සම් පිළිබඳ තීන්දුවක් නොලැබීමත් මත මැතිවරණය ලබන ජුනි මස 20 වැනිදා පැවැත්වීමට නොහැකිවනු ඇත.
2025 දෙසැම්බර් මස 18
147
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහ ඡන්දය ජූලි අග?