
(අජන්ත කුමාර අගලකඩ)
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රීලනිප තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඉදිරි සති කිහිපයේදී ආසන සංවිධායක ධුරවලින් ඉවත් කෙරෙනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
පක්ෂය ශක්තිමත් කිරීමට සහාය නොදක්වන ආසන සංවිධායකවරුන් ඉවත් කර ඒ වෙනුවට අලුතින් සංවිධායකවරුන් පත්කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට සති දෙකකට පමණ ඉහතදී පැවැති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේදී ද ප්‍රකාශ කර තිබිණි.
ඒ අනුව ගිය සතියේදී ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිකවැරටිය සංවිධායක ධුරයෙන් ද වයඹ පළාත් සභාවේ සභාපති ටිකිරි අධිකාරි මහතා පොල්ගහවෙල සංවිධායක ධුරයෙන් ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉවත් කරනු ලැබූහ.
ප්‍රසන්න රණතුංග, බන්දුල ගුණවර්ධන, ගාමිණී ලොකුගේ, පවිත්‍රා වන්නිආරච්චි, සී.බී. රත්නායක, මහින්ද යාපා අබේවර්ධන, වෛද්‍ය රමේෂ් පතිරණ, මොහාන් පී. ද සිල්වා, දිලුම් අමුණුගම, එස්.එම්. චන්ද්‍රසේන, රොෂාන් රණසිංහ, රෝහිත අබේගුණවර්ධන, සාලින්ද දිසානායක, කාංචන විජේසේකර, ගීතා කුමාරසිංහ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විස්සකට ආසන්න පිරිසක් මේ වනවිට ශ්‍රීලනිප ආසන සංවිධායක ධුරවලින් ඉවත්කරනු ලැබ සිටිති. චමල් රාජපක්ෂ, කුමාර වෙල්ගම, ජනක බණ්ඩාර තෙන්නකෝන්, මහින්දානන්ද අලුත්ගමගේ, ලොහාන් රත්වත්තේ සහ රංජිත් සොයිසා යන මහත්වරු ඇතුළු අට දෙනෙක් ශ්‍රීලනිප ආසන සංවිධායක ධුර දරමින් ඒකාබද්ධ විපක්ෂයේ කටයුතු කරති.
තවත් ආසන සංවිධායකයින් කිහිප දෙනෙකු ඉදිරි සති කිහිපය තුළ ඉවත් කර අලුතින් සංවිධායකවරුන් පත් කෙරෙනු ඇතැයි ශ්‍රීලනිප ආරංචි මාර්ග කියයි.
2025 දෙසැම්බර් මස 18
692
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහින්ද පිලේ රොත්තකට ආසන අහිමි වෙයි