IMG-LOGO

2024 ජුලි මස 18 වන බ්‍රහස්පතින්දා


මන්ත්‍රී නිල නිවාස හැටක ඥාතීන් හා හිතවතුන්

(සුජිත් හේවාජුලිගේ)  

කෝට්ටේ මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාගෙන ඇති මන්ත්‍රීවරුන් එකසිය දොළොස් දෙනාගෙන් 60 කට වැඩි පිරිසක් එම නිවාසවල පදිංචි නොවී තම කිට්ටුවන්ත ඥ‌ාතීන්, හිතවතුන් හා තමන්ට ආරක්ෂාව ලබා දෙන ආරක්ෂක අංශ නිලධාරීන් ඒවායේ පදිංචි කරවා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.  


මාදිවෙලින් තමන්ට ලැබුණු නිල නිවාස කිසි දිනෙක සියැසින් නොදුටු අය පවා මේ මන්ත්‍රීවරුන් අතර සිටින බව පාර්ලිමේන්තුවේ නිලධාරියෙක් ඉරිද‌ා ලංකාදීපයට පැවැසීය.  


ඇතැම් මන්ත්‍රීවරුන් තම නිල නිවාස පරාජිත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට ද ලබා දී ඇති බවට තොරතුරු දැන ගැනීමට ඇතැයි එම නිලධාරියා ප්‍රකාශ කළේය.  

මාදිවෙල මන්ත්‍රී නිල නිවාසයක් වෙනුවෙන් මාසිකව අය කෙරෙන්නේ රුපියල් දහසක පමණ අවම ගාස්තුවකි. මේ හේතුවෙන් කොළඹ සහ ඒ අවට නිවෙස් ඇති මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකු ද මෙම නිවාස ලබාගෙන මෙලෙස ඥ‌ාතීන්ට හිතවතුන්ට හෝ වෙනත් අයට ලබා දීම පුරුද්දක් කරගෙන සිටින බව කියති.  


 මේ අතර තිඹිරිගස්යායේ පිහිටි ‘සමිට්’ නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාගෙන මාදිවෙල මන්ත්‍රී නිල නිවාස ද පාවිච්චි කරන ඇමැතිවරුන් හා රාජ්‍ය ඇමැතිවරුන් කිහිප දෙනෙකු සිටින බවට තොරතුරු හෙළිවී ඇත. මේ අනුව එම සමිට් නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාගෙන ඇති ඇමැතිවරුන්ගේ ලැයිස්තුවක් වහාම එවන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට දැනුම් දී ඇති බව පාර්ලිමේන්තු නිලධාරිහු පවසති. 

 



අදහස් (0)

මන්ත්‍රී නිල නිවාස හැටක ඥාතීන් හා හිතවතුන්

ඔබේ අදහස් එවන්න

ජයාරූප

ජනාධිපතිවරණයට එරෙහිව තවත් නඩුවක්
2024 ජුලි මස 12 85 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය ජනමත විචාරණයකින් අනුමත කර නොතිබියදී ජනාධිපතිවරණයක් පැවැත්වීම නීතියට පටහැණි බව සඳහන් කරමින් නීතිඥ අරුණ ලක්සිර


මන්ත්‍රීවරු 100 ක් අල්ලස් කොමිසමට
2024 ජුලි මස 06 151 0

කතානායකවරයාට වත්කම් බැරකම් ප්‍රකාශ බාර දිය යුතු මන්ත්‍රීවරුන් 169 දෙනාගෙන් එම ප්‍රකාශ ඉදිරිපත් කර ඇත්තේ මන්ත්‍රීවරුන් 69 දෙනෙකු පමණක් බව විශ්වාස කටයුත


පොහොට්ටුවෙන් 12 ක් සජබෙට
2024 ජුනි මස 29 512 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දොළොස් දෙ​ෙනකු ඉදිරි දින කිහිපයේදී සමගි ජන බලවේගය සමග එකතු වෙන බව එම පක්ෂයේ මහල


පක්ෂවලට හොරෙන් බලපත්‍ර සහ මුදල් ගත් මන්ත්‍රීන්ට දැඩි දඩුවම්
2024 ජුනි මස 22 225 0

පක්ෂවල තීරණයට පිටින් විමධ්‍යගත අරමුදල් සහ මත්පැන් බලපත්‍ර ලබාගත් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට විපක්ෂයේ දේශපාලන පක


වාහන බලපත්‍ර වලට මන්ත්‍රීවරු බෙදෙති ආණ්ඩුවේත් සජබෙත් ගැටුම්
2024 ජුනි මස 15 248 0

ආණ්ඩුවේ එක් පාර්ශ්වයක් පවසන්නේ රට ආර්ථික වශයෙන් දැඩි අර්බුදයක පවතින අවස්ථාවක මන්ත්‍රීවරු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබා ගතහොත් එය ජනතාව තුළ පිළිකුල


කොළොන්නාව උස්සයි ගංවතුරෙන් නිතර බැටකන කොළොන්නාව නගරය උස් බිමකට ගෙන යෑමේ තීන්දුවක්
2024 ජුනි මස 07 322 0

කො​ළොන්නාව නගරය තිබෙන තැනින් ඉවත් කොට එම ප්‍රදේශයේම උස් බිමක ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. මෙම නව නගර සැලසුම යටතේ දැනට


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 130 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 999 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1879 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site