ලොක්කන්ට සහනයක්
(අජන්ත කුමාර අගලකඩ)
බදු සංශෝධන පනතේ වගන්ති කිහිපයක් ළඟදී වෙනස් කෙරෙනු ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය මංගල සමරවීර සහ අමාත්‍යාංශ ලේකම්, දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඇතුළු ඉහළ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ඉකුත් සතියේ සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇතැයි ද වාර්තා වේ.
රජයේ ඉහළ නිලධාරින්ට හා මැති ඇමැතිවරුන්ට ලැබෙන වාහන පහසුකම්, ඉන්ධන දීමනා ආදිය ආදායම් ලෙස සලකා අගය මත දැනට පනවා ඇති බදුවල යම් සංශෝධනයක් මේ යටතේ සිදුකෙරෙනු ඇතැයි දැන ගන්නට තිබේ.
මෑතදී සම්මත කරන ලද නව බදු සංශෝධන පනත යටතේ, රජයේ ඉහළ නිලධාරීන්ගේ හා මැති ඇමැතිවරුන්ගේ වාහන පහසුකම්, ඉන්ධන හා අනෙකුත් දීමනා ආදායම් ලෙස සලකා වැටුපෙන් විශාල ප්‍රමාණයක් බදු වශයෙන් කපා ගැනීමෙන් තමන්ට බලවත් අසාධාරණයක් සිදු වී ඇති බව මැති ඇමැතිවරුන් හා රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ද මීට පෙර පැමිණිලි කර තිබිණි.
2025 දෙසැම්බර් මස 18
138
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බදු පනතේ සැර බාල කරයි