(දයාසීලි ලියනගේ සහ රන්ජන් කස්තුරි)
පළාත් සභා මැතිවරණ ලබන වසර අවසානය වනතුරුත් පැවැත්වීමට නොහැකි වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. මේ තත්ත්වය උද්ගතවීමට හේතුවන්නේ සීමා නිර්ණය අවසන් කළත් දේශපාලන පක්‍ෂවලින් ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් විය හැකි අදහස් හා යෝජනා සලකා බැලීමට සිදුවන නිසා බවද වාර්තා වෙයි.

තාක්‍ෂණ, තාක්‍ෂණ අධ්‍යාපන හා රැකියා ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා ප්රකාශ කළේ සීමා නිර්ණය කොමිසමක් පත්කර එමගින් සීමා නිර්ණය කිරීමට සිදුවන බවයි.
මාස 4ක් ඇතුළත සීමා නිර්ණය අවසන් කරන බවට ප‍්‍රකාශ වුවත් පක්‍ෂවල අදහස් හා මතිමතාන්තර සලකා බැලීම සඳහා තවත් කාලයක් ගතවනු ඇතැයිද ඇමැතිවරයා කීය.
කෙසේ වෙතත් හැකි ඉක්මනින් සීමා නිර්ණය කොමිසම පත්කර සීමා නිර්ණය කිරීමේ කටයුතු ආරම්භ කරනු ඇතැයිද ඇමැතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය. සීමා නිර්ණය කිරීමේදී ඇතිවිය හැකි ගැටලු හා විවිධ ජන කණ්ඩායම්වලින් ඇතිවිය හැකි ගැටලු සලකා බැලීමේදී මාස 4කින් මෙය කළ හැකිද? යන ප‍්‍රශ්නය මතුවන බවද ඇමැතිවරයා කියයි.
මීට අමතරව විසුරුවා හැරෙන පළාත් සභා ආණ්ඩුකාරවරුන්ගේ පාලනය යටතට පත්වන නිසා ඒ ඒ පළාත්වල පරිපාලනය කඩා නොවැටී පවත්වා ගෙන යාමට යම් වැඩ පිළිවෙළක් අවශ්‍ය වනු ඇතැයිද ඇමැතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.
මේ අතර මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්රකාශ කළේ සබරගමුව, උතුරු මැද සහ නැගෙනහිර පළාත් සභා තුනේ නිල කාලය අවසන් වුවද ඒවායේ මැතිවරණ පැවැත්වීමේ බලයක් මැතිවරණ කොමිසමට නැති බවයි.
පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වී තිබෙන හෙයින් හා සියලු පළාත් සභා කොට්ඨාස ක‍්‍රමයට පැවැත්විය යුතුය යන විධිවිධාන එහි සඳහන්ව තිබෙන හෙයින් මැතිවරණ කොමිසමට කිසිවක් කළ නොහැකි බවද දේශප්‍රිය මහතා අනාවරණය කළේය.
ඒ ඒ පළාත් සභාවලට අදාළ මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කොට අනෙකුත් නීති-රීති සංශෝධනය කිරීෙම් වගකීම පාර්ලිමේන්තුවට පැවරී තිබෙන අතර සියලු කටයුතු නිමවූ කලක පළාත් සභා ඡන්ද වීමසීම පැවැත්වීමට මැතිවරණ කොමිසමට හැකිවනු ඇතැයිද සභාපතිවරයා කීය.
2025 නොවැම්බර් මස 04
520
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2252
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1683
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පළාත් සභා ඡන්ද එන අවුරුද්දේ අග ?