(අජන්ත කුමාර අගලකඩ)
පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හා පළාත් සභාවල හිටපු මැති ඇමැතිවරුන්ගේ සහභාගීත්වයෙන් ඉකුත් අඟහරුවාදා (8) අරලියගහ මන්දිරයේදී පවත්වා ඇත.
පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සහ මනාප ඡන්ද ක්‍රමය යටතේ මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන්ද එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇතැයි වාර්තා වේ.
පළාත් සභා මැතිවරණය නොපැවැත්වුවද පළාත් සභාවලට ආණ්ඩුවෙන් මුදල් වෙන් කිරීම් ආණ්ඩුකාරවරුන් හා නිලධාරීන් එක්ව පළාත් සභාවල පාලනය ගෙනයාම ආදි කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවද පළාත් සභාවල හිටපු මැති ඇමැතිවරුන් එහිදී පෙන්වා දී ඇත.
මේ අතර පළාත් සභා මැතිවරණ පැරැණි මනාප ක්‍රමය යටතේ පැවැත්වීමට අවශ්‍ය නීතිමය කටයුතු ද පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ මෙයෙවීම මත කරගෙන යන බවද වාර්තා වේ.
පළාත් සභා මැතිවරණය කොට්ඨාස හා අනුපාත මිශ්‍ර ක්‍රමය යටතේ පැවැත්වීමට පසුගිය ආණ්ඩුව පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කළද සීමා නිර්ණ වාර්තාව පාර්ලිමේන්තුවේ පරාජයට පත්වීමෙන් එම මැතිවරණය වසර කීපයක් තිස්සේ කල්යමින් පවතී.
2025 දෙසැම්බර් මස 18
690
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
331
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පළාත් සභා ඡන්දය ලබන වසරේ