IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පළාත් සභා ඡන්දය දෙසැම්බරයේත් නැති හැඩ

(අජන්ත කුමාර අගලකඩ)  

පළාත් සභා මැතිවරණය පැරණි මනාප ක්‍රමයට පවත්වන්නේද නැතිනම් කොට්ඨාස ක්‍රමයට පවත්වන්නේද යන්න සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ යළිත් මත ගැටුමක් නිර්මාණය වී ඇතැයි වාර්තාවේ.  


මේ තත්ත්වය තුළ පළාත් සභා මැතිවරණය ලබන දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට හැකිවේද යන්න පිළිබඳව අවිනිශ්චිතතාවක් ඇතිව තිබෙන බවද දැන ගන්නට තිබේ.  

පළාත් සභා මැතිවරණය පැරැණි මනාප ක්‍රමයට පැවැත්විය යුතු බව එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු ආණ්ඩුවේ පක්ෂ ගණනාවක් කියා සිටින අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහස වී ඇත්තේ පළාත් සභා මැතිවරණය කොට්ඨාස හා අනුපාත මිශ්‍ර ක්‍රමයට පැවැත්වීම යැයිද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.  


කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී මෙම මත ගැටුම පැහැදිලිව පෙනෙන්නට තිබූ බව වාර්තා වේ.   


පළාත් සභා මැතිවරණය කොට්ඨාස ක්‍රමයට පැවැත්විය යුතු බව ජනාධිපතිවරයාගේ අදහස වී ඇතැයි පළාත් පාලන හා පළාත් සභා ඇමැති ෆයිසර් මුස්තාපා මහතා එම පක්ෂ නායක රැස්වීමේදී ප්‍රකාශ කර තිබිණි. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක ඇමැති රාවුෆ් හකීම් මහතා ඊට දැඩි විරෝධය පළකර ඇතැයිද වාර්තා විය.   


මේ අතර පළාත් සභා ඡන්දය පැරැණි මනාප ක්‍රමයට පවත්වන්නේද නැතිනම් කොට්ඨාස ක්‍රමයට පවත්වන්නේද යන්න සම්බන්ධයෙන් ලබන 6 වැනිදා පාර්ලිමේන්තුවේ විශේෂ විවාදයක් පැවැත්වීමටද තීරණය කර ඇත. 

පළාත් සභා මැතිවරණය ලබන දෙසැම්බර් මාසයේදී පැරැණි මනාප ක්‍රමයට පවත්වන බව රජයේ සම කැබිනට් ප්‍රකාශක, ඇමති රාජිත සේනාරත්න මහතා ගිය බදාදා පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීද ප්‍රකාශ කළේය.  පළාත් සභා ඡන්දය කුමන ක්‍රමයකට පැවැත්වුවද ඒ සඳහා පළාත් සභා මැතිවරණ පනතට සංශෝධන ගෙන ඒමට ආණ්ඩුවට සිදුවනු ඇත.   

 



අදහස් (0)

පළාත් සභා ඡන්දය දෙසැම්බරයේත් නැති හැඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 132 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 756 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site