IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පළාත් සභා ඡන්දය කොටස් දෙකකට

(අජන්ත කුමාර අගලකඩ)  
පළාත් සභා මැතිවරණය අදියර දෙකක් යටතේ පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.  


ඒ අනුව දැනට නිල කාලය අවසන්වී ඇති පළාත් සභා තුනක සහ නිල කාලය ලබන සැප්තැම්බර් මාසයේ අවසන් වන තවත් පළාත් සභා තුනක මැතිවරණය මේ වසරේදීද ලබන අප්‍රේල් මාසයේ නිල කාලය අවසන් වන පළාත් සභා තුනක මැතිවරණය ලබන වසරේද පැවැත්වීමට ඉඩ ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.  

සබරගමුව, උතුර මැද හා නැගෙනහිර පළාත් සභාවල නිල කාලය පසුගිය වසරේ අවසන් වූ අතර මධ්‍යම, වයඹ හා උතුර යන පළාත් සභාවල නිල කාලය ලබන සැප්තැම්බරයේදී අවසන්වීමට නියමිතව ඇත.  


බස්නාහිර, දකුණ හා ඌව යන පළාත් සභා තුනේ නිල කාලය අවසන් වීමට ඇත්තේ ලබන වසරේ අප්‍රේල් මාසයේදීය. ඒ අනුව සබරගමුව, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම, වයඹ හා උතුර යන පළාත් සභා හයේ මැතිවරණය මේ වසරේද බස්නාහිර, දකුණ හා ඌව යන පළාත් සභා මැතිවරණය ලබන වසරේද පැවැත්වීමට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.  


මේ අතර පළාත් සභා මැතිවරණය කොට්ඨාස හා අනුපාත ක්‍රමය යටතේ පැවැත්වීමට අදාළ පළාත් සභා සීමා නිර්ණ වාර්තාව ලබන බ්‍රහස්පතින්දා විවාදයට ගැනීමට නියමිතය. සීමා නිර්ණ වාර්තාව සම්බන්ධයෙන් රජය සහ සුළු පක්ෂ අතර විරෝධයක් මතුව ඇතැයි වාර්තා වේ.   


යෝජිත සීමා නිර්ණ වාර්තාවට අනුව කොට්ඨාස ක්‍රමය යටතේ මන්ත්‍රීවරුන් 222 ක්ද අනුපාත ක්‍රමය යටතේ මන්ත්‍රීවරුන් 250ක්ද පත්කර ගැනීමට නියමිතය.  

 



අදහස් (0)

පළාත් සභා ඡන්දය කොටස් දෙකකට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 741 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site