(දයාසීලි ලියනගේ)
තම තමන්ගේ කණ්ඩායම්වල බලය වැඩිකර ගැනීම සඳහා මන්ත්‍රීවරුන් බා ගැනීමේ මෙහෙයුම් දෙකක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය මගින් අරඹනු ලැබ ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
ජනාධිපතිවරයාගේ පාර්ශ්වය ශක්තිමත් කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ කිහිප දෙනකු තම පිලට ගැනීමට ශ්‍රීලනිපය දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇත. ඒ අතර ආණ්ඩුව තුළ සිටින ශ්‍රීලනිප ඇමැතිවරුන් කිහිප දෙනකු ආණ්ඩුවෙන් ඉවත්කර ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂය මගින්ද මෙහෙයුමක් දියත් කර තිබේ.
මේ අතර ශ්‍රීලනිප ඇමැතිවරු පිරිසක් ඉකුත් බදාදා බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සමග පැය දෙකක පමණ කාලයක් සාකච්ඡා කළහ. මෙම පිරිස ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව වාඩිවීමට තීරණය කර ඇති අතර හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඔවුන්ගෙන් ඉල්ලා ඇත්තේ තමන් සමඟ එක්වන ලෙසය. සාකච්ඡා තව දුරටත් පැවැත්වීමට මෙහිදී තීන්දුවී තිබේ.
පවතින ආණ්ඩුවේ වැඩ කටයුතු ගැන කලකිරී සිටින ශ්‍රීලනිපයේ ඇමැති පිරිසකට ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ලබන දෙසැම්බර් මාසය දක්වා ඉවසා සිටින ලෙසටයි.
මේ කාලය අතරතුර දේශපාලනික වශයෙන් වෙනස්කම් රාශියක් සිදුවෙතැයි අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ ප්‍රධාන පෙළේ ඇමැතිවරයෙක් මේ දිනවල කලකිරීමට පත්වී සිටින මන්ත්‍රීවරුනට පෞද්ගලිකව කතා කරමින් තව ටික කලක් ඉවසා සිටින ලෙස ඉල්ලීම් කර ඇති බවද වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ඇමැති ඩබ්ලිව්.ඩී.ජේ. සෙනවිරත්න මහතා ප්‍රකාශ කළේ රටේ පැන නැගී ඇති ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට හැකිවී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිපත්ති ඔස්සේ බවයි.
එබැවින් පක්ෂයේ බහුතරයේ විශ්වාසය සන්ධාන රජයක් පිහිටුවීමට බවද ඒ මහතා වැඩිදුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
668
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දේශපාලන පෙරැළියකට රහස් කතාබහ