IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


දුමින්ද අමරවීර ඉවත් කරන්න බලපෑම්

(අජන්ත කුමාර අගලකඩ)   
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ඇමැති දුමින්ද දිසානායක සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ඇමැති මහින්ද අමරවීර යන මහත්වරුන් සමග මැයි දිනය කළ නොහැකි බැවින් ඔවුන් දෙදෙනා මහලේකම් ධුරවලින් ඉවත් කරන්නැයි ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 16 දෙනා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. 

ජනාධිපතිවරයා හමුවීමට ලන්ඩනයට ගිය මන්ත්‍රීවරුන් තිදෙනා එම ඉල්ලීම ජනාධිපතිවරයාට ඉදිරිපත් කර ඇතැයි හිටපු රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ‘ඉරිදා ලංකාදීප’යට පැවැසීය. 


ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනාගේ පොදු ඉල්ලීමක් ලෙස මෙම ඉල්ලීම ජනාධිපතිවරයාට යොමු කර ඇතැයිද ඔහු සඳහන් කළේය. 


මහලේකම්වරුන් දෙදෙනා එම ධුරවලින් ඉවත් නොකරන්නේ නම් ලබන 7 වැනිදා පැවැත්වෙන ශ්‍රීලනිප මැයි දින රැලියට තම කණ්ඩායමේ මන්ත්‍රීවරුන් 16 දෙනාට සහභාගිවීමට නොහැකිවනු ඇතැයිද ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කීවේය. 


මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පක්ෂයක් ලෙසම ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කිරීම සඳහා පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඉක්මනින් කැඳවන්නැයි මන්ත්‍රීවරුන් 16 දෙනාම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම සඳහන් කළේය. 


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට යෝජනාවක් ඇතුළත් පිටු තුනක ලිපියක් අනුර ප්‍රියදර්ශන යාපා සහ එස්.බී. දිසානායක යන මහත්වරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් ඉකුත්දා පැවැති පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කර තිබිණි. 


මේ අතර පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කාරක සභා 16ක සාමාජිකත්වය තම කණ්ඩායමටද ලබාදෙන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලීමක් කිරීමටද මෙම මන්ත්‍රීවරුන් 16 දෙනාගේ කණ්ඩායම තීරණය කර ඇත.

 



අදහස් (0)

දුමින්ද අමරවීර ඉවත් කරන්න බලපෑම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 162 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 787 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site