(අජන්ත කුමාර අගලකඩ)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එජාප ආණ්ඩුව අතර ඇතිව තිබෙන දේශපාලන අර්බුදය විසඳා ගැනීම සඳහා එජාපයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් පිරිසක් මැදිහත්වී සිටින බව වාර්තා වේ.
අත්හිටුවා තිබූ කැබිනට් රැස්වීම් අනිද්දා (18) සිට යළි පැවැත්වීමට ජනාධිපතිවරයා එකඟතාව පළකිරීම ඇමැතිවරුන් පිරිස ජනාධිපතිවරයා හමුවී කළ සාකච්ඡාවේ එක් ප්‍රතිඵලයක් බව රජයේ ආරංචිමාර්ග කියයි.
ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රමුඛ එජාප ආණ්ඩුව අතර වසර ගණනාවක් තිස්සේ පැවැති දේශපාලන අර්බුදය පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ තේරීම් කාරක සභාවක් පත් කිරීමත් ජනාධිපතිවරයා වැඩබලන ඇමැතිවරුන් තිදෙනකු තනි මතයට පත් කිරීමත් යන කාරණා මත ඉකුත් සතිය වනවිට උග්‍ර අතට හැරී තිබිණි. 3
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විශේෂ තේරීම් කාරක සභාව ජාතික ආරක්‍ෂාවට හා තමාට එරෙහිව තවදුරටත් කටයුතු කරන්නේ නම් ආණ්ඩුවට කිසිදු සහායක් නොදෙන බවත් කැබිනට් රැස්වීම් නොපවත්වන බවත් ජනාධිපතිවරයා ඉකුත් සතියේ සිකුරාදා (07) රාත්‍රි පැවැති විශේෂ කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර තිබිණි. ඒ අනුව පසුගිය අඟහරුවාදා කැබිනට් රැස්වීමද නොපැවැත්විණි.
මේ අතර මුස්ලිම් ඇමැතිවරුන්ගේ ඉවත්වීමෙන් පුරාප්පාඩු වූ කැබිනට් අමාත්‍යාංශ තුනකට වැඩබලන ඇමැතිවරුන් ලෙස පත් කිරීමට එක්සත් ජාතික පක්‍ෂය විසින් යවන ලද ඇමැතිවරුන් තිදෙනකුගේ නම් ප්‍රතික්‍ෂේප කරමින් ජනාධිපතිවරයා එම අමාත්‍යාංශ තුනේ රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් වැඩබලන ඇමැතිවරුන් ලෙස පත්කර තිබිණි. වැඩබලන ඇමැතිවරුන් තනි කැමැත්තට පත් කිරීම ව්‍යවස්ථා විරෝධී බව පවසමින් අගමැතිවරයා ගිය අඟහරුවාදා ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා තිබූ බවද වාර්තා විය.
මේ තත්ත්වය තුළ ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් අතර දේශපාලන විරසකය උග්‍ර වී තිබූ අතර එය විසඳා ගැනීම සඳහා එජාපයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් පිරිසක් මෙසේ මැදිහත්වී සිටින බව දැනගන්නට තිබේ.
එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, රවි කරුණානායක සහ දොස්තර රාජිත සේනාරත්න යන ඇමැතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් පිරිසක් මෙම කටයුත්තට සම්බන්ධවී සිටින බවද වාර්තාවේ. ඔවුන් පසුගිය සතියේ ජනාධිපතිවරයා හමුවී මෙම ගැටලු ගැන සාකච්ඡා කර ඇති බවද එම ආරංචිමාර්ගවලින් පැවැසේ.
2025 දෙසැම්බර් මස 30
66
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
346
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ජනපති - අගමැති ගැටුම විසඳන්න ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු මැදිහත්වෙති