
(අජන්ත කුමාර අගලකඩ)
ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයන් දෙදෙනාගෙන් කවුරුන් ජයග්‍රහණය කළ ද ලබන වසරේ මාර්තු මාසයේදී පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පවත්වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
පාර්ලිමේන්තුවේ නිල කාලය ලබන වසරේ අගෝස්තු මාසයේදී අවසන්වීමට නියමිතව ඇති අතර 19 වන සංශෝධනය අනුව එය මාස හයකට පෙර විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයා වෙත පැවැරී ඇත.
ඒ අනුව අලුතින් පත්වන ජනාධිපතිවරයා කවුරුන් වුවද ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සඳහා පාර්ලිමේන්තුව ලබන වසරේ මාර්තු මාසයේදී විසුරුවා හැර මහ මැතිවරණයකට යනු ඇති බව ඔවුහු පෙන්වා දෙති.
ජනාධිපතිවරණයත් ලබන වසරේ මහ මැතිවරණයත් පැවැත්වීමට නියමිතව ඇති බැවින් ලබන වසර සඳහා අයවැයක් මේ වසරේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.
ලබන වසරේ මුල් මාස හතරේ රජයේ වියදම් පියවා ගැනීම සඳහා අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය දැනටමත් තීරණය කර ඇත.
ලබන වසරේ මාර්තුවේදී පමණ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයෙන් පත්වන නව ආණ්ඩුව සිය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට හැකි අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඉඩකඩ ලබාදීම සඳහා මෙසේ අයවැයක් ඉදිරිපත් නොකර අතුරු සම්මත ගිණුමකින් මුදල් වෙන් කෙරෙනු ඇති බව ද පැවැසේ.
2025 දෙසැම්බර් මස 16
105
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
910
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
622
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කවුරු දිනුවත් මාර්තුවේ මහ ඡන්දයක්