IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඇමැති මාරුව ගැන තවත් සාකච්ඡාවක්

 

(දයාසීලි ලියනගේ)
යෝජිත කැබිනට් සංශෝධනය මෙම සති අන්තයේ පැවැත්වෙන ඉහළ පෙළේ සාකච්ඡාවකින් පසු තීරණය කෙරෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 


මෙම ඇමැති පුටු මාරුව පසුගිය සිකුරාදා උදෑසන (19) සිදු කිරීමට නියමිතව තිබිණි. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා කීපයක්ම අවලංගුකර මේ සඳහා ඉඩකඩ ලබාගෙන තිබූ බවද කියැවිණි.


යෝජිතව තිබූ ඇමැති සංශෝධනයේදී බලගතු ඇමැතිවරයෙක් මාරු කිරීම පිළිබඳව තදබල ලෙසින් සාකච්ඡා පැවැති අතර පසුගිය සතියේ ඇමැති මණ්ඩල සාකච්ඡාවෙන් පසු මෙම ඇමැතිවරයා හා ජනාධිපතිවරයා පෞද්ගලිකව සාකච්ඡාවක්ද පවත්වා ඇත. මෙහිදී අදාළ ඇමැතිවරයා තම අමාත්‍යංශය මාරු කිරීම පිළිබඳව දැඩි විරෝධය දක්වා ඇතැයි වාර්තාවේ. එහිදී එම අමාත්‍යවරයා පිළිබඳව පවත්නා විරෝධතා හා පැමිණිලි නිසා මෙම මාරුවීම අනිවාර්යයෙන්ම කිරීමට සිදුවන බව ජනාධිපතිවරයා ප්‍රකාශකර ඇතැයිද වාර්තාවේ.


මීට අමතරව ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ දේශපාලන ක්ෂේත්‍රයේ හිටපු ප්‍රධානියකු අතර ගිය සතියේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බවද ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අවස්ථාවේ කැබිනට් මාරුවීමක් සිවුවහොත් රජයට සිදුවන අවාසි පිළිබඳව සාකච්ඡාවී ඇත.


ලබන සතියේ ජනාධිපතිවරයා විදේශ ගතවීමට නියමිතය. ලබන සඳුදා කැබිනට් සංශෝධනය සිදු නොවුනහොත් යළි ජනාධිපතිවරයා පැමිණෙන තෙක් දිව්රුම් දීමක් කළ නොහැක.


මේ අතර විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා ප්‍රකාශ කළේ කැබිනට් සංශෝධනයක් පිළිබඳව තමාට වාර්තාවී නැති බවයි. එවැනි අවස්ථාවකට සහභාගිවන ලෙසට ආරාධනයක් පවා නොමැති බවද ඔහු කීය. 

 



අදහස් (0)

ඇමැති මාරුව ගැන තවත් සාකච්ඡාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site