IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


ආණ්ඩුව මහ ඡන්දෙටත් පොහොට්ටුවෙන් සන්ධානයේ මහ ලේකම් බැසිල්?

(අජන්ත කුමාර අගලකඩ)  


ලබන අප්‍රේල් මස අගදී පැවැත්වෙන මහ මැතිවරණයට පොදුජන පෙරමුණ හා ශ්‍රීලනිපය එක්ව පිහිටුවන සන්ධානයේ නම කුමක් වුවද ලකුණ පොහොට්ටුවම විය යුතු බවට පොදුජන පෙරමුණේ බහුතරයකගේ අදහස වී ඇතැයි දැනගන්නට ඇත.   


ඔවුන් මේ බව පක්ෂයේ නායක අගමැති මහින්ද රාජපක්ෂ මහතාට දැනුම්දී ඇතැයිද එම පක්ෂයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.   


මහා මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සෙසු දේශපාලන පක්ෂත් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නමින් තරග කිරීමට දැනටමත් එකඟතාවය පළකර ඇති නමුත් ලකුණ සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණ නැතැයි වාර්තාවේ.     

නව සන්ධානය පිහිටුවීම සඳහා කලින් පැවැති පොදුජන එක්සත් පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලෙසට වෙනස් කිරීමට පොදුජන පෙරමුණු ව්‍යවස්ථාව සංශෝධනය කිරීමටත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් බ්‍රහස්පතින්දා පැවැති පොදුජන පෙරමුණේ විධායක සභාවේදී තීරණය කර තිබිණ.   


ඒ අනුව නව සන්ධානය ලියාපදිංචි කිරීම සඳහා විධායක සභාව ගත් තීරණය මෙම සතියේදී මැතිවරණ කොමසාරිස්වරයා වෙත දැන්වීමටද එහිදී තීරණය කර තිබිණි.   
අලුතින් පිහිටුවන සන්ධානයේ කෙටුම්පතක්ද ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් පොදුජන පෙරමුණේ විධායක සභාවට ඉදිරිපත් කරනු ලැබ ඇත.   


මේ අතර සන්ධානයේ මහලේකම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාට ලබාදිය යුතු බවටද පොදුජන පෙරමුණේ පාර්ශ්වයෙන් යෝජනාවී ඇත.   


ඉදිරියේදී පිහිටුවන පොදුජන පෙරමුණේ සම නායකයන් ලෙස අගමැති මහින්ද රාජපක්ෂ හා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන් පත් කිරීමට යෝජනාවී ඇත.   
මහලේකම් ධුරය හා භාණ්ඩාගාරික ධුරයන් පොහොට්ටුවට හිමිවිය යුතු බව යෝජනාවී ඇති අතර නියෝජ්‍ය ලේකම් ධුරය හා ජාතික සංවිධායක ධුරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබාදීමටද යෝජනාවී ඇත.   


එමෙන්ම උප ලේකම් ධුරය හා උප සභාපති ධුරයන් සන්ධානයේ සෙසු පක්ෂවලට ලබාදීමට ද යෝජනාවී ඇත.   


නව සන්ධානයේ විධායක සභාවට සාමාජිකයන් පත් කිරීමේදී සියයට 52ක් පොදුජන පෙරමුණට හා සියයට 32ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබාදීමට යෝජනාවී ඇති අතර සියයට 18ක් සන්ධානයේ සෙසු පක්ෂවලටත් ලබාදීමට යෝජනාවී ඇත.   


නව සන්ධානය පිහිටුවීම හා ලකුණ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම බැසිල් රාජපක්ෂ මහතා ලබන සතියේදී දිවයිනට පැමිණීමෙන් පසුව සිදු කිරීමට තීරණය වී ඇතැයිද වාර්තාවේ. 

 



අදහස් (0)

ආණ්ඩුව මහ ඡන්දෙටත් පොහොට්ටුවෙන් සන්ධානයේ මහ ලේකම් බැසිල්?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 37 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 339 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 358 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site