IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මහ ඡන්දය ජූලි අග?

(අජන්ත කුමාර අගලකඩ)   

ලබන ජුනි මස 20 වැනිදා පැවැත්වීමට නියමිත මහමැතිවරණය ලබන ජූලි මස අග පමණ දක්වා කල්යනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචිමාර්ග සඳහන් කරයි. 

 
මහමැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ගේ මනාප අංක මෙතෙක් ප්‍රකාශයට පත්නොකිරීමත්, මහමැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර ඇති පෙත්සම් සම්බන්ධයෙන් තීරණයක් ලැබෙනතෙක් මැතිවරණය පිළිබඳ තීන්දු නොගැනීමත් නිසා මෙසේ මැතිවරණය කල්යනු ඇතැයි පැවැසේ.   

අපේක්ෂකයන්ගේ මනාප අංක ඉකුත් 12 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට කලින් සැලසුම් කර තිබුණද ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම් හෙට (18) සහ අනිද්දා (19) දෙදින සලකා බැලෙන බැවින් මනාප අංක නිකුත් කිරීම පසුව සිදුකිරීමට එදින රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබිණි.   
මනාප අංක නිකුත් කර සති 5 ත් සති 7 ත් අතර දිනයක මැතිවරණය පැවැත්විය යුතුව ඇති බැවින්, කලින් නියම කර තිබූ පරිදි ජුනි 20 වැනිදා මැතිවරණය පැවැත්විය නොහැකිවනු ඇත.   
එබැවින් මැතිවරණය ලබන ජූලි මස අග පමණ දක්වා කල්යනු ඇතැයි වාර්තාවේ.   


පාර්ලිමේන්තුව ඉකුත් මාර්තු මස 2 වැනිදා ජනාධිපතිවරයා විසින් විසුරුවා හරිනු ලැබූ අතර ඒ පිළිබඳ ඡන්ද විමසීම අප්‍රේල් මස 20 වැනිදා සිදුකිරීමට දින නියම කර තිබිණි.   


එහෙත් කොරෝනා වයිරසය පැතිරයාම හේතුවෙන් මැතිවරණය දින නියමයක් නොමැතිව කල්දැමීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළ අතර ඉකුත් අප්‍රේල් මස 30 වැනිදා රැස්වූ කොමිෂන් සභාව මැතිවරණය ජුනි මස 20 වැනිදා පැවැත්වීමට තීරණය කළේය.   


එසේ වුවද, මනාප අංක මෙතෙක් නිකුත් නොකිරීමත් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකර ඇති පෙත්සම් පිළිබඳ තීන්දුවක් නොලැබීමත් මත මැතිවරණය ලබන ජුනි මස 20 වැනිදා පැවැත්වීමට නොහැකිවනු ඇත.   

 



අදහස් (0)

මහ ඡන්දය ජූලි අග?

ඔබේ අදහස් එවන්න

ජයාරූප

තුන්වෙනි ලෝක යුද්ධයට සුදානම්
2024 අප්‍රේල් මස 22 5 0

තෙවැනි ලෝක යුද්ධයක් හටගනීවි යැයි බියක් ඇති කරමින්, ඊශ්‍රායලය පෙරේදා (19දා) අලු‍යම ඉරානයේ නගරයකට මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කළේය. ඊශ්‍රායලය මෙ


ආණ්ඩුවේ පිරිසක් ’’අත’’ අල්ලන මෙහෙයුමක
2024 අප්‍රේල් මස 08 41 0

මේ වෙනවිට අර්බුදයකට ලක්ව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව සිටින පිරිසක් සහ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ශ්


මෛත්‍රීගේ ඔත්තුකරු සොයති
2024 අප්‍රේල් මස 01 169 0

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු හෙළි කළැයි කියන පුද්ගලයා හඳුනා ගැනීම සඳහා රහස් පොලීසිය


ඩොලර් බිලියන 12 ක ණය ගැන මේ සතියේ සාකච්චා
2024 මාර්තු මස 28 166 0

වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට


ඡන්දය ගැන ආණ්ඩුවේ මත ගැටුම්
2024 මාර්තු මස 16 100 0

මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ


මහබැංකු ලොක්කන් මැතිසබේට ගෙන්වයි
2024 පෙබරවාරි මස 24 106 0

රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site