(දයාසීලි ලියනගේ)
ලබන අගෝස්තු මාසය දක්වා අමාත්‍යංශ හා රාජ්‍ය ආයතනවල මුදල් වියදම් කළ යුතු වන්නේ මේ වනවිටත් වැඩ ආරම්භ කර තව දුරටත් පවත්වාගෙන යා යුතු ප්‍රමුඛ අවශ්‍යතාවන් වන විෂයයන් සඳහා පමණක් බව භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා සියලු අමාත්‍යංශ ලේකම්වරුන් පළාත් සභා ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට නියම කර ඇත.
ඉදිරි මාස තුන සඳහා මෙම ආයතනවලට මුදල් වෙන්කර ඇති අතර එම මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන්ද නියමයන් සඳහන් කරමින් උපදෙස් නිකුත් කර තිබේ.
ඒ අනුව වියදම් දැරීමේදී දැනටමත් නිමකර ඇති කාර්යයන් සඳහා ඉදිරිපත් වී ඇති බිල්පත් නිරවුල් කිරීමට ප්‍රමුඛත්වය ලබාදිය යුතු අතර රාජ්‍ය ආයතන සඳහා නව ගොඩනැගිලි ඉදිකිරීම් කල් දැමීමටත් වියදම් දැඩිව පාලනය කිරීම සඳහා විධිවිධාන යෙදීමටත්, ප්‍රමුඛත්වයෙන් අඩු වියදම් කපා හැරීමටත් සියලුම ආයතන ප්‍රධානීන් වග බලා ගත යුතු බවටත් උපදෙස් දී තිබේ.
මේ වෙනවිට අර්බුදයකට ලක්ව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව සිටින පිරිසක් සහ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ශ්
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු හෙළි කළැයි කියන පුද්ගලයා හඳුනා ගැනීම සඳහා රහස් පොලීසිය
වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට
මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ
රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක
පසුගිය වසරේ මුල් මාස නවයේදී දෙලක්ෂ විසි හතර දහස් එකසිය තිස් තුන් දෙනකු විදේශ රුකියාවලට පිටත්ව ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්වෙන බව පේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අගෝස්තු දක්වා රජයේ සියලු වියදම් සීමා කරයි