අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර
හලාවත ප‍්‍රදේශයේ සිටින ඥාති පිරිසක් ගෙන්වාගෙන නිවසේ නවත්වාගෙන සිටි සංවර්ධන නිලධාරිනියක් අද 30 ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයට පැමිණි බව දැන ගැනීමෙන් පසු එහි සේවයට පැමිණ සිටි කාර්ය මණ්ඩලය සේවාවන් ලබාගැනීමට පැමිණ සිටි සමෘද්ධිලාභීන් සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප‍්‍රවාහනය බලපත් ආදිය ලබා ගැනීමට පැමිණ සිටි මහජනතාව අතර දැඩි නොසන්සුන්තාවක් ඇතිවූ බව ඇඹිලිපිටිය පොලීසිය පැවසුවේය.
ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන ඇඹිලිපිටිය නව නගරය ප‍්‍රදේශයේ පදිංචි උපාධිධාරී සංවර්ධන නිලධාරිනියක නිසා මෙම කළබැගෑනිය ඇතිව තිබේ.
සමෘද්ධිලාභින් සදහා ලබාදෙන රුපියල් දස දහසේ දීමනාව ලබාගැනීමට විශාල දහසකට වැඩි පිරිසක් එහි පැමිණ සිටියේය.
රුපියල් කෝටි දහතුනක පමණ සමෘද්ධි ණය මුදල් බෙදාහැර තිබිණි. එම ණයලාභීන් ද, ඉදිරිකාලය තුල සැලසුම් සකස් කිරිමට නියමිත නිලධාරින්ද සේවාවන් ලබාගැනීමට පැමිණ සිටියහ.
මේ සම්බන්‍ධයෙන් සෞඛ්‍ය බලධාරින්ගෙන් විමසූවිට ඔවුන් පැවසුවේ එම සංවර්ධන නිලධාරිනියට හෝ පවුලේ කෙනෙකුට හෝ හලාවතින් ඔවුන්ගේ නිවසට පැමිණි පිරිසට ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස උපදෙස් ඇති බවත් ඔවුන් කිසිවෙකු ආසාදිත යැයි හදුනාගෙන නැති බවයි.
දින දාහතරක් තුල ඔවුන් තුලින් යම් රෝග ලක්‍ෂණයක් මතු නොවුන හොත් බියවිය යුතු නැති බවත් සෞඛ්‍ය බලධාරීහූ කියති.
2025 නොවැම්බර් මස 04
369
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2163
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1642
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හලාවතින් ඇඹිලිපිටියේ නිවසකට ආ පිරිසක් ස්වයං නිරෝධායනයට
ගමගේ Tuesday, 31 March 2020 01:03 AM
රජය සෞඛ්‍ය අංශයන් අනන්තවත් ලබාදෙන උපදෙස් නොතකා කටයුතු කරන මෙවැන්නියන්ට දඬවමක් නැද්ද ?